Cricket NewsEXCLUSIVE

2022 ආසියානු කුසලාන තරඟාවලියේ දේශීය විකාශන අයිතිය “ITN” විසින් හිමි කර ගනී – කිසිදු අපහසුවකින් තොරව මෙවර ක්‍රිකට් රසිකයන්ට තරඟාවලිය නැරඹීමේ වරම්.!

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවලි මෙහි සුදුසුකම් ලැබීමේ තරඟ වටය ක්‍රීඩා කරන අතර ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය ඍජුවම සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

මේ අතර මෙවර ‘ACC Asia Cup 2022’ ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ, දේශීය රූපවාහිනී විකාශන අයිතිය ”ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN)” විසින් ලබාගෙන තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ සියලු තරඟ කිසිදු අපහසුවකින් තොරව ඔබට ස්වාධීන රූපවාහිනීය (ITN) ඔස්සේ නැරඹීමේ අවස්ථාව හිමිවනවා .

මෙවර තරඟාවලියේ තරඟ කාලසටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button