Cricket NewsEXCLUSIVELegends Series

පන්දු 56න් වාර්තා වූ TM ඩිල්ෂාන්ගේ වේගවත් ශතකය හේතුවෙන් Legend ලෝක ශුරතාවලියේත් ශ්‍රී ලංකා නාමය ඉදිරියට.!

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර පසුගිය දා ඇරඹුන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වැදුණු පළමු තරඟය ඊයේ ශ්‍රී ලංකා Legends සහ ඕස්ට්‍රේලියානු Legends කණ්ඩායම අතර පැවැත්වුණු අතර එම තරඟයෙන් ලකුණු 38ක ජයක් වාර්තා කරමින් ජයග්‍රාහිව තරඟාවලිය ඇරඹීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක TM ඩිල්ෂාන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.එ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා Legends කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 1ක් දැවී ලකුණු 218 ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා Legends වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කල ආරම්භක පිතිකරුවන් දේපල වූ TM ඩිල්ෂාන් සහ ඩිල්ෂාන් මුණවීර පළමු කඩුල්ලට ගොඩ නැගු සබඳතාවය ලකුණු 208ක්. විශිෂ්ට ඉනිමක් දියත් කළ TM ඩිල්ෂාන් පන්දු 56කදී ලකුණු 107ක් රැස් කල අතර ඩිල්ෂාන් මුණවීර ලකුණු 95ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම දැක්වුණේ 218/1ක් ලෙසයි.

ඒ අනුව ලකුණු 219ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු Legends පිතිකරුවන්ට පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනා දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 180ක් පමණයි

පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button