Cricket NewsEXCLUSIVE

නම් දැරූ ප්‍රහාරාත්මක පිතිකරුවන් මනාව පාලනය කරමින් ශ්‍රී ලංකාව ආසියානු කුසලානය කරා රැගෙන ගිය නිහඬ දඩයක්කරුවා – මහිෂ් තීක්ෂණ

තරගයේ පකිස්තාන ඉනිමේ 12වෙනි පන්දුවාරයේ ඉෆ්ටිකර් අහ්මඩ් සහ රිස්වාන් එකතු වෙලා අපේ වනියාට ලකුණු 14ක් ගහනවා. විස්තර විචාරකයින් පවා කියනවා පකිස්තානය නැවතත් තරගයට අවතීර්ණ වුනා කියලා. මොකද පකිස්තානයට ඒ වෙද්දි ඇති තරම් කඩුලු තිබුනා. පවර් හිටර්ස්ලා හිටියා. ඉතිං පකිස්තානය මේ පන්දුවාරයෙන් තරගයට හොදට නැවතත් අවතීර්ණ වුනා.

ඒ පන්දුවාරයේ ලකුණු 14ක් ලබා ගත්තු ගමන් නායක දසුන් ශානක යන්නේ මහීෂ් තීක්ෂණ ලගට. ගිහින් තීක්ෂණට පන්දුව ලබා දෙනවා. මොකද මහීෂ් තමයි අපිට ඉන්න හොදම ඉකොනොමිකල් බෝලර්.

ඔහු ඒ දේ කරා. තීක්ෂණ යවපු 13 වෙනි පන්දුවාරයේ පකිස්තානයට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 3ක් විතරයි.

ඉතිං නැවතත් ශ්‍රි ලංකා කන්ඩායමේ පැත්තට තරගය හරවන්න මේ පන්දුවාරය හුගාක් හේතු වුනා. එතැනින් පස්සේ පකිස්තානයට පීඩනය වැඩි වෙනවා. පිතිකරුවන් දැවී යනවා. නැවතත් 18 වෙනි පන්දුවාරයේ පන්දු යවපු තීක්ෂණ ලකුණු 8කට ශඩාබ් ඛාන්ගේ කඩුල්ලත් අරන් ඒ පන්දුවාරය නිමා කරනවා.

සමස්ත තරගයේ පකිස්තාන පිතිකරුවන් තීක්ෂණට එරෙහිව රැස් කරේ ලකුණු 25ක් විතරයි.

මේ තරගයේ විතරක් නෙමෙයි සමස්ත තරගාවලියේ පලවෙනි තරගයේ හැර කිසිම තරගයක මහීෂ්ට එරෙහිව ලකුණු 30කට වඩා රැස් කරන්න පිතිකරුවන් අසමත් වුනා. කඩුලු හුගාක් ගත්තේ නැතුව ඇති. හැබැයි මහීෂ් පන්දු යැව්වේ කන්ඩායමේ අමාරුම වෙලාවල් වල,

එයාට පවර්ප්ලේ එකේ දුන්නොත් ඒත් බෝල් කරනවා. මැද ඕවර්ස්වල දුන්නොත් ඒත් බෝල් කරනවා. ඩෙත් ඕවර්ස් දුන්නොත් ඒත් බෝල් කරනවා. කාලෙකට පස්සේ හමුවුණු හොදම ඉකොනොමිකල් බෝලර් කෙනෙක් තමයි මහියා..

අපි අවසානයේ තරගය ජයග්‍රහණය කරනවා. පිටියේ තැනක ඉදපු එක පාරටම දුවගෙන ආපු මහීෂ් කඩුලු දෙකක් ගලවාගෙන දුවගෙන යනවා. මේ කොහෙද මේ දුන්නේ ?

එයාගේ දඟ පන්දු සගයා වනිදු හසරංග ලගට, පිටියේ ඈත කෙලවරක සිටි වනිදු ලගට දිව ගොස් අර අරගෙන ආපු කඩුල්ලක් වනිදුට දෙනවා. මේක එක පවුලක් මචං..!

මේ බැදීම ආයේ නම් කිසි කෙනෙක්ට ලේසියෙන් නැති කරන්න බැ..මහීෂ් උඹ හරි, ” සහෝදරයින් එකොලොස්දෙනෙක් සිටින විට ලෝක පූජිතයින් අවශ්‍ය නැ..”

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7