Cricket NewsEXCLUSIVE

පකිස්ථානයට සිය පළමු කඩුල්ල අහිමි කරමින් ප්‍රභාත් ජයසුරියගේ පන්දුවක් හමුවේ දුනිත් වෙල්ලාලගේ රැකගත් සුපිරි උඩ පන්දුව.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙන අතර අද තරගයේ සිවුවැනි දිනයයි.

අද තරඟය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 176ක් රැස් කරගෙන සිටියා.

ශ්‍රී ලංකා උප නායක ධනංජය ද සිල්වාගේ විශිෂ්ට ශතකයෙන් වර්ණවත් වූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 360 ක දැවැන්ත ලකුණු පුවරුවක් බවට පරිවර්තනය වූ අතර එයට රමේෂ් මෙන්ඩිස්ගේ වේගවත් ලකුණු 45ක ඉනිම ඇතුළත් වුණා.

ඒ අනුව කඩුලු 8ක් දැවී ලකුණු 360 ක් ලබා සිටි අවස්ථාවේ ශ්‍රී ලංකා ඉණිම අත්හිටුවීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළ අතර ඒ අනුව ලකුණු 508 ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පකිස්ථාන පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

කෙසේ නමුත් ලකුණු 500ට වැඩි ඉලක්කයක් තවමත් කිසිදු ටෙස්ට් කණ්ඩායමක් හඹාගොස් ජයග්‍රහනය කර නොමැති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් ඒ අනුව හිමිව තිබෙනවා.

මේ අතර පකිස්තාන දෙවනි ඉණිමේ පළමු කඩුල්ල ලෙස Abdullah Shafique දැවී ගිය අතර ඒ ප්‍රභාත් ජයසුරිය යොමු කළ පන්දුවක් හමුවේ දුනිත් වෙල්ලාලගේ රැකගත් සුපිරි උඩ පන්දුව හේතුවෙනි.

Abdullah Shafique දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button