Cricket NewsEXCLUSIVE

“හෙට දිනයේදී තරඟය ජයග්‍රහණය කරන්න අපේ සම්පුර්ණය ශක්තිය පාවිච්චි කරනවා” – වැඩ බලන නායක ධනංජය ද සිල්වා.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන අතර තරඟයේ අවසන් දිනය මෙට ආරම්භ වීමට නියමිතයි.

හෙට දිනය ඇතුලත පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 419ක් අවශ්‍ය අතර ඒ සඳහා ඔවුනට කඩුලු9ක් ඉතිරිව තිබෙනවා.

මේ අතර අද දිනය අවසානයේ මාධ්‍ය හමුවට පැමිණි වැඩ බලන නායක ධනංජය සිල්වා මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“අපිට ඉතුරු ශෙෂන් තුනෙනුත්, මේ කාලගුණය නිසා අවසන් ශෙෂන් එක බොහෝ දුරට ක්‍රීඩා කරන්න බැරිවෙයි. අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නෙ හෙට පළවෙනි ශෙෂන් එකේදී කඩුලු 3,4 ක් ලබාගන්න.

මේ වසරේ මම එක අර්ධ ශතකයයි ලබාගෙන තිබුණේ, ඒ නිසා ඇත්තටම පීඩනයක් තිබුණා. ඒත් විශ්වාසයක් තිබුණා, මොකද කලින් තරගවලත් හොද පන්දුවලට තමයි දැවී ගියේ. දිමුත් ක්‍රීඩා කරපු ඉනිමත් එක්ක මට ශතකයට යන්න පහසු වුණා. ආබාධය තියාගෙනත් දිමුත් එය දරාගෙන සෙල්ලම් කරා, එය හොද නායකයෙක්ගේ ලක්ෂණයක්.

මෙය නියම ටෙස්ට් තණතීරුවක්. පිතිකරුවන්ටත් ලොකු වාසියක් නැහැ, දගපන්දුයවන්නනුත් ගොඩක් මහන්සි වෙන්න ඕන කඩුලු ලබාගන්න. එක තැන පන්දුයවලා, පීඩනයක් ගොඩනැගුවොත් අපිට කඩුලු ලබාගන්න පුලුවන් වෙයි. මම මීට පෙර “ඒ“ කණ්ඩායමේ සහ ක්‍රීඩා සමාජයේ නායකත්වය දරලා තියෙනවා, ඒ හින්දා මට පීඩනයක් දැනුනේ නැහැ. රමේෂ් කියන්නේ දේශිය තරගවලත් ලකුණු 300ක් ලබාගත් කෙනෙක්, ඔහු ක්‍රීඩා කරන ස්ථානයත් එක්ක ගොඩක් වටිනවා අපේ කණ්ඩායමට.”

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7