Cricket NewsEXCLUSIVEInternational

ගිවිසුම් ප්‍රකාරව මුදල් ගෙවීම් සිදු නොවීම නිසා ජේම්ස් ෆෝක්නර් පකිස්තානු සුපර් ලීග් තරඟාවලියෙන් ඉවත් වෙයි.!

මේ දිනවල පැවැත්වෙන පකිස්තානු සුපර් ලීග් තරඟාවලියේ ගෙවීම් නිසි ආකාරයෙන් සිදු නොවන බවට චෝදනා කරමින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ජෙම්ස් ෆෝක්නර් මෙවර තරඟාවලියෙන් ඉවත්ව තිබේ.

පකිස්තානු සුපර් ලීගයේදී තමාට සැලකූ ආකාරය නින්දිත බව සඳහන් කරමින් ඔහු එම ලීගයෙන් ඉවත් ව ඇත.

කෙසේනමුත් පකිස්තානු ක්‍රිකට් අභ්‍යන්තර පුවත් සඳහන් කරන පරිදි එම තරඟාවලියේ ඇති වූ ගැටලු හේතුවෙන් පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් සිටියදී ඔහුගේ පිත්ත හා ආම්පන්න බෑගයද හෝටලයේ තමා සිටි මහලෙන් බිමට විසිකර ඇති බවද පැවසේ.

කෙසේනමුත් ෆෝක්නර් Quetta Gladiators කණ්ඩායම වෙනුවෙන් අවසන් තරඟ තුනම ක්‍රීඩා නොකල අතර ගෙවීම් සම්බන්ධයෙන් ඒ වන විටද ඔහු විශාල කලබලයක සිට බව පෙන්නට තිබුණි.

කෙසේනමුත් පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැඩි ලෙඩ චෝදනා කරමින් තම ට්විටර් ගිණුම ඔස්සේ ඔහු සටහන් කිහිපයක් ම තැබීමට කටයුතු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7