Cricket NewsEXCLUSIVELPL

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය LPL 2022 තරඟාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කෙරේ.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාව තවත් පියවරක් ඉදීයට තබමින් සංවිධානය කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිග හැරුම එළඹෙන ජුලි 31 වැනදා සිට ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කොට තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි.

ජුලි 31 වැනිදා ආරම්භ වන තරගාවලිය අගෝස්තු 21 දක්වා වූ කාල සීමාවේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විස්සයි-20 තරගාවලිය ලෙසින් බොහෝ දෙනා බලා සිටි LPL ජාත්‍යන්තර ෆ්‍රැන්චයිස් තරගාවලිවල රසය රැගෙන මෙවරත් කොළඹ ආර් ප්‍රේමදාස සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

පෙර තරගාවලියේ පරිදිම කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර මූලික වටයේ තරග සියල්ලම කොළඹදීද අවසන් වටයේ තරග හම්බන්තොටදීද පැවැත්වෙනු ඇත.

“ලොව අනෙක් විස්සයි-20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි පරිදිම හොඳින් ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සංවිධානය කිීමට හැකිවීම ගැන අපි අතිශයින්ම සතුටට පත් වෙනවා” යැයි තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.

මෙවර තරගාවලියද ඉකුත් තරගාවලිය පරිදිම තරග 24 කන් සමන්විත වන අතර දෙස් විදෙස් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

තරගාවලියේ මූලිකම අංගය වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම නුදුරේදීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button