Cricket NewsEXCLUSIVEIPLMatch Review

Punjab Kings කණ්ඩායම පරාජය කරමින් දුෂ්මන්ත චමීර ප්‍රමුඛ Lucknow Super Giants ලකුණු 20කින් තරඟය ජය ගනී.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි.

මේ අතර අද තරගාවලියේ 42වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන Lucknow Super Giants කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 20ක ජයක් හිමි කර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Punjab Kings නායක Mayank Agarwal ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Lucknow Super Giants කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 153ක් පමණයි.

Lucknow Super Giants වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Quinton de Kock පන්දු 37කදී ලකුණු 46ක් වාර්තා කිරීමට සමත් වුනා.

Deepak Hooda ලකුණු 34ක් රැස් කළ අතර දුෂ්මන්ත චමීර ලකුණු 17ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Kagiso Rabada කඩුලු 4ක් බිඳ හෙලු අතර Rahul Chahar කඩුලු 2ක් බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 154ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 133ක් පමණයි

Punjab Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jonny Bairstow පන්දු 28ක් තුල ලකුණු 32ක් රැස් කල අතර Mayank Agarwal ලකුණු 25ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mohsin Khan කඩුලු 3ක් බිඳ හෙලු අතර දුෂ්මන්ත චමීර සහ Krunal Pandya කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button