Cricket NewsEXCLUSIVEIPL

Punjab Kings ජයග්‍රාහී බලාපොරොත්තු බිඳ දමමින් කෲනාල් පාන්ඩ්‍යා යොමු කළ පන්දුවක් හමුවේ භානුක රාජපක්ෂ ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගිය අවස්ථාව.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි.

මේ අතර තරගාවලියේ 42වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන Lucknow Super Giants කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 20ක ජයක් හිමි කර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Punjab Kings නායක Mayank Agarwal ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Lucknow Super Giants කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 153ක් පමණයි.

ඒ අනුව ලකුණු 154ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 133ක් පමණයි

අද දිනයේදී Punjab Kings කණ්ඩායමේ අංක 4 ක්‍රීඩකයා ලෙස පිතිකරණයේ දීමට පැමිණියේ ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂයි. පෙර තරඟ වලදී Punjab Kings කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවකු බවට පත් වූ ඔහුට අද දිනයේදී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 9ක් පමණයි.

කෲනාල් පාන්ඩ්‍යා විසින් යොමු කළ පන්දුවක් හමුවේ භානුක රාජපක්ෂ ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගිය අවස්ථාව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7