Cricket NewsEXCLUSIVE

මාක් වුඩ් ආබාධයකට ලක්වීම නිසා IPL හි Lucknow කණ්ඩායමේ වේගපන්දු බලඇණියේ ප්‍රධාන වගකීම දුශ්මන්ත චමීරට පැවරෙයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා එක්වන නවතම කණ්ඩායම වන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විශාල අගාදයකට ඇද දමමින් ලක්නව් හි ඉදිරිපෙල වේගපන්දු යවන්නා වන එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් ඉවත් වන්නට සිදු වී තිබෙනවා.

පසුගිය සතියේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඇන්ටිගුවාහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී මාක් වුඩ් වැලමිටේ ආබාධයකට ලක්විය. බාබඩෝස් හි මේවන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයද ඔහුට අහිමි වීමටද එය හේතුවක් විය.

වුඩ්ගේ ආබාධය සුව වීමට ටික කාලයක් ගත වන බැවින්, ඔහු මාර්තු 26 වනදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී නොවනු ඇත. වුඩ් වත්මන් සීමිත පන්දුවාර ආකෘතිය තුල සිටින වේග පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින අතර ඔහුගේ විස්සයි විස්ස දත්තද අවසන් කාලය තුලදී ඉතා ආකර්ෂණීය විය.

තවමත් ආදේශයක් ලක්නව් ජයන්ට්ස් කලමණාකාරීත්වය නම් කර නොමැති අතර බොහෝ විට අවේශ් කාන් හා දුශ්මන්ත චමීර ලක්නව් පිල වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින වේගපන්දු යවන්නන් දෙදෙනාද වන අතර ඔවුන් දෙදෙනා ඉදිරි තරඟ වාරය සඳහා යොදා ගැනීම කණ්ඩායම් කළමණාකාරීත්වය අපේක්ෂාවෙන් සිටින බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

Sri Lanka’s Dushmantha Chameera celebrates after the dismissal of Bangladesh’s Shakib Al Hasan (not pictured) during the second one-day international (ODI) cricket match between Bangladesh and Sri Lanka at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on May 23, 2021. (Photo by Munir Uz zaman / AFP) (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button