Cricket NewsEXCLUSIVEIPL

“දුෂ්මන්ත චමීර කියන්නෙ දැනට ක්‍රීඩා කරන විශිෂ්ඨතම විස්සයි-20 ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්” – ඉන්දිය ප්‍රවීණ විස්තර විචාරක හර්ෂ බෝග්ලේ

ප්‍රභල Mumbai Indians කණ්ඩායමට පිට පිට 8 වන වරටත් පරාජයක් උරුම කරදෙමින් ලකුණු 36 ක ජයක් වාර්ථා කරන්නට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ සමත් විය. නායක රාහුල්ගේ ශතකයට අමතරව චමීරගේ විශිෂ්ඨ පන්දුවාර 4 තුලදී Mumbai Indians ප්‍රභල පිතිකරුවන් හට රිසිසේ හිස ඔසවන්නට අවකාශය නොලැබුණි.

චමීරගේ ලකුණු 14 කට සීමා වුණු පන්දුවාර 4 ජාත්‍යන්තරය පුරාවට අවධානය දිනාගත් කරුණක් විය.එහිදී Mumbai Indians පිතිකරුවන් වඩා පීඩනයකට නතු ව ගිය බවක් පෙනෙන්නට තිබුණි.චමීරගේ පන්දුයැවීම පිලිබඳව බොහෝ සුභවාදී අදහස් ප්‍රවීණ විස්තර විචාරයකයින් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු ප්‍රධාන පුහුණු කරුවන මිකී ආතර් ද ඇගයීමට ලක් කර තිබුණි.

ඉන්දීය ප්‍රවීණ විස්තර විචාරක හර්ෂ බෝගල් තම නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ ” චමීර සිටින ආකාරය දැකීමෙන් සතුටට පත් වෙනවා. ඔහු දැනට ක්‍රීඩා කරන විශිෂ්ඨතම විස්සයි විස්සයි ක්‍රීඩකයින් අතර සිටින බව මම විශ්වාස කරමි.” යනුවෙනි

ඔහුට අමතරව මිකී ආතර් හා නිකිල් චොප්රා ද චමීර පිළිබඳව උද්දාමයට පත්ව සිටි ආකාරය ඔවුන් දැක්වූ අදහස් වලින් පෙනෙන්නට තිබුණි.

ක්‍රීඩා වැඩසටහනක් වන වන Not Just Cricket show වැඩසටහනට එක්වූ හිටපු ඉන්දීය ක්‍රීඩක නිකිල් චොප්‍රා චමීරගේ පන්දු යැවීම ඇදහිය නොහැකි මට්ටමේ එකක් බව කියා සිටියේය.

“චමීර ඔහුගේ පන්දු යැවීමේ වේගය සමඟ කැපිලා පේනවා.නිලකුණු පන්දු 15 ක් සහ මම කැමති කියන්නට ඔහු තම කණ්ඩායම හසුරුවා ගත් අකාරය හා පිටියේදී ඔහුගේ සැලසුම් ක්‍රියාත්මක කිරීම ඇදහිය නොහැකි තරම් විශිෂ්ඨ විය.” යනුවෙන් නිකිල් කියා සිටියේය.

හර්ෂ බෝග්ලේ මහතා තැබූ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button