Cricket NewsEXCLUSIVE

දසුන් ශානකව නායකත්වයෙන් ඉවත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බව මෙරට ප්‍රමුඛ පුවත්පතක් වාර්තා කරයි.!

මේ වන විට පන්දුවාර 50 සහ විස්සයි-20 යන ක්‍රිකට් ආකෘති හි නායකත්වය දරනු ලබන්නේ දසුන් ශානක විසිනි. තරුණ ක්‍රීඩකයන් රැසක් සමග පසුගිය කාලයේ සැබවින්ම දීප්තිමත් ක්‍රිකට් අනාගතයක් ශ්‍රී ලංකාවට තිබෙන බව තහවුරු කිරීමට සමත් වුනා.

අවසන් එක්දින ලෝක කුසලානයේදී සේම කොදෙව් බංග්ලාදේශ එක්දින තරඟාවලියන් හිදී ශ්‍රී ලංකා කණ්ඩායම තමන් ලද පසුබෑමෙන් ඉහලට ආ බවක් දක්නට ලැබුණි.එක්දින තරඟ 16 කට ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් යටතේ ක්‍රීඩා කලේය.

එහිදී තරඟ 10 ක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 6 ක් පරාජය වුවා.

ඒ අතර දිමුත්ගේ නායකත්වය දසුන් ශානක යටතට පැවරුණේ සීමිත පන්දුවාර කණ්ඩායම් දෙකම එකම නායකයෙකු යටතේ ගමන් කල යුතු බව සඳහන් කරමිනි.

කෙසේ නමුත් දසුන්ගේ ගේ එක්දින ජාත්‍යන්තර නායකත්වය වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න හට යලි පැවරීමට නියමිත බව සඳහන්.මේ බව වාර්තා කර තිබුණේ The morning පුවත් පතයි.

එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා එක්දින නායකයා ලෙස දිමුත් නැවත පත් කිරීමට ඉඩ ඇති බැවින් දසුන් ශානකට විස්සයි විස්ස ජාත්‍යන්තර නායකයා ලෙස පමණක් කටයුතු කිරීමට නියමිත බවයි.

දසුන් ශානක එක්දින නායකත්වයෙන් ඉවත් කර දිමුත් කරුණාරත්න නායකයා ලෙස ගෙන ඒමේ අරමුණින් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව අභ්‍යන්තර ආරංචි ආරංචි මාර්ග පසුගිය 23 වැනිදා අනාවරණය කළ බව සඳහන් වනවා.

නායක ශානක කෙරෙහි කණ්ඩායමේ විශ්වාසය පළුදු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

Sri Lanka skipper Dasun Shanaka says on-field bust up was about tactics | Cricket News - Times of India

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button