Cricket NewsEXCLUSIVEIPL

දුෂ්මන්ත චමීරගේ Lucknow සහ මහීෂ් තීක්ෂණගේ Chennai තරඟ වදින IPL පිටියේ 7වන තරඟය අද රාත්‍රියේ.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 7වන තරගය ලෙස දුෂ්මන්ත චමීර නියෝජනය කරන Lucknow Super Giants සහ මහීෂ් තීක්ශන නියෝජනය කරන Chennai Super Kings කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Lucknow Super Giants හි නායකත්වය KL Rahul දරන අතර Chennai Super Kings හි නායකත්වය Ravindra Jadeja විසින් දරනවා.

පසුගිය තරඟයේද Lucknow Super Giants හි විශිෂ්ටතම පන්දුයවන්නා වු දුෂ්මන්ත චමීර අද තරඟයට ක්‍රිඩා කිරීමට නියමුත නමුත් මහීෂ් තීක්ශනට ක්‍රිඩා කිරීමට අවස්ථාව ලැබේද නොලැබේද යන්න නිෂ්චිතව කිව නොහැක.

තරඟය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Lucknow Super Giants –

KL Rahul (c), Quinton de Kock (wk), Evin Lewis, Manish Pandey, Krunal Pandya, Deepak Hooda, Ayush Badoni, Avesh Khan, Mohsin Khan, Ravi Bishnoi, Dushmantha Chameera

Chennai Super Kings –

Ruturaj Gaikwad, Devon Conway, Robin Uthappa, Ambati Rayudu, Ravindra Jadeja (c), MS Dhoni (wk), Shivam Dube, Moeen Ali, Dwayne Bravo, Adam Milne, Tushar Deshpande

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7