Cricket NewsEXCLUSIVEIPLMatch Review

CSKට එරෙහිව Evin Lewisගේ සුපිරි ගිණිකෙළි සැණකෙළිය හේතුවෙන් Lucknow කණ්ඩායම IPL හි සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය පසුගිය දා ආරම්භ වූයේ අති උත්කර්ෂවත් අයුරිනි.

ඒ අනුව අද පැවැත්වුණු තරඟාවලියේ 7වන තරඟය වූ Chennai Super Kings සහ Lucknow Super Giants අතර තරඟයෙන් Chennai Super Kings කණ්ඩායම පරාජය කරමින් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Lucknow Super Giants සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Lucknow Super Giants නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 210ක දැවැන්ත ලකුණු පුවරුවක් ගෝ නැගීමට සමත් වුනා.

Chennai Super Kings වෙනුවෙන් Robin Uthappa වේගවත් පිතිකරණයක් දියත් කරමින් පන්දු 27ක් තුළ ලකුණු 50ක් රැස් කිරීමට සමත් වූනා.

Shivam Dube ලකුණු 49ක් රැස් කළ අතර Moeen Ali ලකුණු 35ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Ravi Bishnoi,Andrew Tye සහ Avesh Khan කඩුලු 2ක බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 211ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Lucknow Super Giants පිතිකරුවන් පන්දුවාර 19කුත් පන්දු 3ක් අවසානයේ ලකුණු 211ක් ලබා තර්න්ග්‍ය ජයග්‍රහණය කළා.

වේගවත් ප්‍රහාරාත්මක ඉනිමක්දියත් කල Evin Lewis පන්දු 23ක් තුල ලකුණු 55ක් රැස් කරමින් Lucknow Super Giants ජයග්‍රහණය වෙත රැගෙන ගිය අතර Quinton de Kock ලකුණු 61ක් රැස් කරමින් ඉනිම සවිමත් කළා.නායක KL Rahul ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේදී Dwaine Pretorius විසින් කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුණා.

තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබුවේ ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් Lucknow Super Giants වෙත ජයග්‍රහණය රැගෙන් ආ ප්‍රහාරාත්මක පිතිකරු Evin Lewis ය.

එමෙන්ම විශේෂත්වය වන්නේ පසුගිය වර ශුරයන් වූ CSK මෙවර ක්‍රීඩා කල තරඟ දෙකම පරාජයට පත්ව සිටීමයි.

IPL තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button