Cricket NewsEXCLUSIVEIPL

RCB ආරම්භක පිතිකරු Anuj Rawat සහ Virat Kohliව ප්‍රථම පන්දුවාරයේදීම නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවූ දුෂ්මන්ත චමීරගේ සුපිරි පන්දු යැවීම.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 31වන තරගය ලෙස ලෙස දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන Lucknow Super Giants සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Royal Challengers Bangalore නායක Faf du Plessis ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට ප්‍රථම පන්දුවාරය යොමු කිරීමේ වගකීම භාර වුයේ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හටයි.

තමාට ලැබුණු වගකීම අකුරටම ඉටු කිරීමට සමත් වූ දුෂ්මන්ත චමීර එම පන්දුවාරය නිමා කලේ Royal Challengers Bangaloreකණ්ඩායමේ මුල් පෙළ කඩුලු දෙකක්ම එම පන්දුවාරය තුල බිඳ හෙළමිනි. දුෂ්මන්ත චමිරගේ ගොදුරු බවට පත් වුයේ Royal Challengers Bangalore හි ආරම්භක පිතිකරු Anuj Rawat සහ Virat Kohliය.

ඒම කඩුලු දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

Anuj Rawat Wicket

Virat Kohli Wicket

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button