Cricket NewsEXCLUSIVEWoman Cricket

චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන මැයි මාසයේ පාකිස්තානයේ සංචාරයක.!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සීමිත ඕවර තරගාවලියක් සඳහා ලබන මාසයේදී පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතය. එහිදී විස්සයි20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වනු ඇත.

තෙවැනි වරටත් පැවැත්වෙන (2022-25) ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ පළමු තරගාවලිය ලෙස තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය පැවැත්වේ. එක්දින තරගාවලියේ සියලුම තරග මෙන්ම විස්සයි-20 තරගාවලියේ සියලුම තරගත් කරච්චි නුවරදී පැවැත්වේ.

2022 සිට 2025 දක්වා පැවැත්වෙන ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලිය සඳහා මෙවර කණ්ඩායම් 10 ක් තරග වදිති. සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව තරග 3 ක් බැගින් ක්‍රීඩා කරන අතර ලෝක ශූරතාවලියේදී කණ්ඩායමකට තරග 27 ක් හිමිවේ.

මීළඟ එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හමුවේ පවතින අභියෝගයයි. ලබන වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව දැනටමත් සුදුසුකම් ලබා සිටී.

මින් පෙර පැවැති ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලිය සඳහා එක් නොවූ බංග්ලාදේශ සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් පළමු වරට මෙවර තරගාවලියට එක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7