Cricket NewsEXCLUSIVE

ආබාධ තත්වය හේතුවෙන් දුෂ්මන්ත චමීරට මෙවර ලෝක කුසලානය අහිමි වීමේ අවධානමක් – ප්‍රමෝද්ටත් අබාධයක් ? නෙදර්ලන්ත සමග අවසන් තරඟයට කුමක් වේවිද ?

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙවර තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් ලෙස අද UAE සමග පැවති තරඟයෙන් ලකුණු 79ක ජයක් සමග තරඟය ජයග්‍රහණය කළේ අත්‍යාවශ්‍යව තිබු දළ ලකුණු ලබා ගැනීමේ වේගයද ඉහළ මට්ටමක රඳවා ගනිමිනි.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවකු බවට පත්වූ දුෂ්මන්ත චමීර අද තරගයේ ඔහු යවන ලද සිව්වන පන්දුවාරයේ අවසන් පන්දුව යැවීමේ දී ආබාධයකට ලක්වුණා.

අභ්‍යන්තර ක්‍රිකට් ආරංචිමාර්ග වලට අනුව ඔහුගේ ආබාධය හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරඟාවලිය ද ඔහුට අහිමි වී යාමේ ඉඩකඩක් ද පැන නැගී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම වේග පන්දු යවන ක්‍රිඩක ප්‍රමෝද් මදුශාන් ද ආබාධයකට ලක්ව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ශ්‍රී ලංකාවට හිමි වන අවසාන තරගය වන නෙදර්ලන්තය සමග පැවැත්වෙන තීරණාත්මක තරඟය සඳහා දුෂ්මන්ත චමීර හා ප්‍රමෝද් මදුශාන් වෙනුවට ළහිරු කුමාර හා බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩා කිරීමට නියමිත බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button