Cricket NewsEXCLUSIVE

“මට විශ්වාසයි අපි සුපිරි 12 දෙනාගේ වටයට යනවා කියන එක ගැන, මට අපේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් ගැන විශ්වාසයි” – ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙවර තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් ලෙස අද UAE සමග පැවති තරඟයෙන් ලකුණු 79ක ජයක් සමග තරඟය ජයග්‍රහණය කළේ අත්‍යාවශ්‍යව තිබු දළ ලකුණු ලබා ගැනීමේ වේගයද ඉහළ මට්ටමක රඳවා ගනිමිනි.

මේ අතර ශ්‍රී ලංකා ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මෙලෙස අදහස් දක්වා සිටියා,

“පැහැදිලිවම ජයග්‍රහණයක හැගීම පරාජයක හැගීමට වඩා ගොඩක් හොදයි. මම හිතන්නේ අපේ පන්දුයවන්නන් සහ පන්දු රැකීමේදී අපේ ක්‍රීඩකයින් ක්‍රීඩා කළ ආකාරය විශිෂ්ඨයි. පැහැදිලිවම මුල් පෙළ පිතිකරුවෙකු විදිහට පැතුම් ක්‍රීඩා කළ ඒ ඉනිම අති විශිෂ්ඨයි, එයයි කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වුණේ. ඔහු ඒ සම්බන්ධයෙන් ආඩම්බර විය යුතුයි. අංක 4 පිතිකරණ ස්ථානයේ ගැටලුවක් තිබෙනවා, ඒ සම්බන්ධව අපේ අනෙකුත් පුහුණුකරුවන් සමග කතා කරනවා. එයට හේතුව පුහුණුවීම් වල අඩුකමක් නොවෙයි. අපේ සෑම ක්‍රීඩකයෙක්ම ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් කරනවා.

අපිට පළමු තරගයේදී තණතීරුව හරිහැටි හදුනාගන්න බැරි වුණා. අපි එය පිළිගත යුතුයි. මෙය මන්දගාමි තණතීරුවක්. සැමවිටම සුභවාදීව හිතන කෙනෙක් විදිහට පැහැදිලිවම මට විශ්වාසයි අපි සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබනවා කියන එක ගැන. අපි සැමවිටම බලන්නේ ජයග්‍රහණය කරන්න සහ දිනෙන් දින දියුණු වන්න. මෙම කණ්ඩායම් භයානකයි, අපි ඔවුන්ට ලබා දිය යුතු ගරුත්වය දීලා සැමවිටම සටන් කළ යුතුයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button