Cricket NewsEXCLUSIVEIPL

Delhi Capitals කණ්ඩායමට තියුණු පරාජයක් උරුම කළ දුෂ්මන්ත චමිරගේ Lucknow කණ්ඩායමේ අවසන් වටයේ බලපොරොත්තු තව දුරටත් ඉහළට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 45වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායමත් අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වුණා.

Lucknow Super Giants වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ KL Rahul පන්දු 51කදී ලකුණු 77ක් වාර්තා කිරීමට සමත් වුනා.

Deepak Hooda ලකුණු 52ක් රැස් කළ අතර Quinton de Kock ලකුණු 23ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Shardul Thakur කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 196ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 189ක් පමණයි

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rishabh Pant ලකුණු 44ක් රැස් කල අතර Axar Patel ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mohsin Khan කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button