Cricket NewsEXCLUSIVEIPL

දුෂ්මන්ත චමීර යොමු කළ තරඟයේ දෙවන පන්දුවෙන්ම Delhi ප්‍රහාරාත්මක පිතිකරු Prithvi Shaw දැවී යයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 45වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායමත් අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල තමන් යොමු කල ප්‍රථම පන්දුවාරයේ දෙන පන්දුවේදීම බිඳ හෙලීමට දුෂ්මන්ත චමීර සමත් වුනා.

ඒ අනුව Delhi Capitals කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු Prithvi Shaw දුෂ්මන්ත චමිරගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

එම කඩුල්ල දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button