Cricket NewsEXCLUSIVEInternational

දකුණු අප්‍රිකාවට එරෙහිව ලසිත් ඇඹුල්දෙණිය යළි කැඳවයි

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලිය සඳහා ලසිත් ඇඹුල්දෙණිය සහ කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ. වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ වසර දෙක හමාරකට පසුවය.

දිගු කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි පිට දඟ පන්දු යවන්නා වන රමේෂ් මෙන්ඩිස්ට ස්ථානය අහිමි වී ඇති අතර ඔහුගේ ස්ථානය නිශාන් පීරිස්ට හිමිවී තිබේ. පිට දඟ පන්දු යවන්නකු වන නිශාන් පීරිස්, පසුගිය සැප්තැම්බරයේදී නවසීලන්ත පිලට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වෙමින් කඩුලු 9 ක් දවාගත්තේය.

ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෝ 10 දෙනෙක් මේ වන විටත් දකුණු අප්‍රිකාවට ගොස් සිටිති. ඉතිරි ක්‍රීඩකයන් 7 දෙනා ලබන 22 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යති. කණ්ඩායමේ සහාය පුහුණුකරුවන්ද සමග ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාව බලා යන සම්පූර්ණ කණ්ඩායම 29 දෙනකුගෙන් සමන්විතය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් මෙම ටෙස්ට් තරගාවලිය මේ මස 27 වැනිදා ආරම්භ වේ. පළමු තරගය 27 වැනිදා සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා ඩර්බන් නුවරදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා සංචිතය
ධනංජය ද සිල්වා (නායකයා), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙණිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ කසුන් රාජිත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button