Cricket NewsEXCLUSIVE

“ඉන්ධන නොමැති නිසා පිරවුම්හල් වසා ක්‍රිකට් ක්‍රිඩා කරන සේවකයන්” – ලෝකප්‍රකට EspnCricinfo වෙබ් අඩවිය ශ්‍රී ලංකාව පිළිබඳව තැබු සටහන ලොව පුරා ජනප්‍රිය වේ.!

මේ වන විට ලොවපුරා රටවල් රැසක ඉතා වේගයෙන් ජනප්‍රිය වන ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වේගයෙන් ප්‍රචලිත වන අතර තවත් වසර කිහිපයක් යාමට මත්තෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව තවතවත් ඉහළට යා හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ක්‍රිකට් වෙනුවෙන්ම වෙන්වූ ලෝකයේ තිබෙන ජනප්‍රියතම මාධ්‍ය ජාලයක් වන EspnCricinfo විසින් ශ්‍රී ලංකාව පිළිබඳ අපූරු ඡායාරූපයක් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර තිබෙනවා.

එහිදී ඔවුන් පළ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම් හලක සේවකයින් පිරිසක් එහි ඉන්ධන අවසන්වීම හේතුවෙන් එම ස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන ආකාරයයි.

එම ජායාරූපය එක් කරමින් විශේෂ සටහනක් පළ කර තිබෙන EspnCricinfo සඳහන් කර ඇත්තේ

“රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන බෙදා හැරීම ප්‍රමාද වීමත් සමඟ ඉන්ධන පිරවුම්හල් සේවකයින් තම ස්ථානය වසා දමා ක්‍රිකට් ක්‍රීඩා කරයි” යනුවෙනි.

EspnCricinfo විසින් පළ කල එම ජායාරූපය සහ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button