Cricket NewsEXCLUSIVE

පුහුණුවීම් අතරතුර පැතුම් නිස්සංක ආබාධයට ලක්වෙයි – දෙවන ටෙස්ට් තරඟය සඳහා කුසල් මෙන්ඩිස් කැඳවයි.!

මොහාලි හිදී ඉන්දියාවට එරෙහිව නිමාව දුටු පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ආබාධයකට ලක්ව තිබේ.

අද බැංග්ලෝර් හිදී පුහුණු සැසියකට එක් වූ නිස්සංක එහිදී ආබාධයකට ලක්ව ඇති බව සඳහන් .

අභ්‍යන්තර් ක්‍රිකට් ආරංචි මාර්ග අනුව පුහුණු සැසියෙන් පසු බැංගලෝර් වෙතින් එතරම් හොඳ පුවතක් අසන්නට ලැබී නොමැති බව සඳහන් වනුයේ කොන්දේ ආබාධය නිසාවෙන් නිස්සංක හට දෙවන ටෙස්ට් තරඟය මගහැරෙන නිසාවෙනි.

ඒ හේතුවෙන් නිස්සංක දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් නොම්බර තුනෙහි ක්‍රීඩා කිරීමට නියමිතය.

කුසල් මෙන්ඩිස් අනිද්දා ක්‍රීඩා කරන්නේ නම් ඒ ඔහු පළමු වරට ඉන්දියාව තුල ක්‍රීඩා කරන ටෙස්ට් තරඟාවලියද මෙයය.

ඔහු 2015 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් මුත් ඉන්දියාව තුලදී තවමත් එකදු ජාත්‍යන්තර තරඟයක් හෝ ක්‍රීඩා කර නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button