Cricket NewsEXCLUSIVE
කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! එක්දින හා විස්සයි විස්ස තරඟාවලි දෙකෙහිම පරාජයත් සමඟින් එංගලන්තය හිස් අතින් ගෙදර !

සංචාරක එංගලන්තයට එරෙහිව පැවැති තරග 5 කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය ජයගන්නට කොදෙව්වන් ඊයේ සමත් විය.
කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන්ගේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය සියල්ලන් දැවී ලකුණු 132 ක් රැස් කිරීමට සමත් විය.
සාර්ථක පන්දු යැවීමක නිරත වූ Gudakesh Mote කඩුලු 3 ක් බිඳහෙළූ අතර එංගලන්තය වෙනුවෙන් පිල් සෝල්ට් ලකුණු 38 ක් රැස් කලේය.
ජයග්රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වන් පන්දුවාර 19 කුත් පන්දු 2කදී එම ඉලක්කය පහසුවෙන් පසුකරගියේය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශයි හෝප් ලකුණු 43 ක් නොදැවී රැස් කලේය.
ඒ අනුව විස්සයි විස්ස හා එක්දින තරඟ ද්විත්වයම ජයගත්තේ සත්කාරක කොදෙව් කණ්ඩායමයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
+1
2
+1
+1
+1