Cricket NewsEXCLUSIVE

නෙදර්ලන්ත පන්දු රකින්නන් ප්‍රෙක්ශකයන් බවට පත් කළ එංගලන්ත පිතිකරුවන් ලෝක වාර්තා රැසක් බිඳ දමමින් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ලකුණු පුවරුව ගොඩ නගයි.!

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නෙදර්ලන්ත තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වුණා.

අද තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නෙදර්ලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත පිතිකරුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 50 පුරාවට ගිනිකෙළි සැණකෙළියකින් නෙදර්ලන්ත පන්දු රකින්නන් තරඟය නරඹන ප්‍රෙක්ෂකයින් බවට පත් කරමින් ලෝක වාර්තා රැසක් තම නම ඉදිරියෙන් ලියා ගැනීමට සමත් වුණා.

නියමිත පන්දුවාර 50 අවසානයේ එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 498ක අති දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වූ අතර එහිදී ක්‍රීඩකයින් තිදෙනෙකුම ශතක වාර්තා කිරීමට සමත් වීම ද විශේෂත්වයක්.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ Jos Buttler පන්දු 70ක් තුළ අධිවේගි ලකුණු 162ක් වාර්තා කිරීමට සමත් වූයේ දැවැන්ත හයේ පහර 14 ක් සහ හතරේ පහරවල් 7ක් පිටිය සිසාරා එල්ල කරමිනි.

එහිදී David Malan පන්දු 109ක් තුල ලකුණු 125ක් රැස් කළ අතර Phil Salt පන්දු 93ක් තුළ ලකුණු 122ක් රැස් කිරීමට සමත් වුනා.

ලොව දෙවන වේගවත්ම අර්ධ ශතකය සම කළ Liam Livingstone පන්දු 22ක් තුල අධිවේගි ලකුණු 66ක් රැස් කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත නායක Pieter Seelar කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

එමෙන්ම මෙම ලකුණු පුවරුව ඉතිහාසයට එක් වූයේ එක්දින තරඟයක වාර්තා වූ ඉහළම ලකුණු සටහන ලෙසටයි.

තරඟයේ සජීවී ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button