Cricket NewsEXCLUSIVE

අවසන් ඕස්ට්‍රේලියානු බලාපොරොත්තුවත් බිඳ හෙලමින් දුනිත් වෙල්ලාලගේ රැකගත් Pat Cumminsගේ විශිෂ්ට උඩ පන්දුව.!

ඊයේ (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 26ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරඟාවලිය 1-1 ලෙස සම තත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එහිදී සිය දෙවන ජාත්‍යන්තර එක්දින තරඟය ක්‍රිඩා කළ දුනිත් වෙල්ලාලගේ දැක්වූ දස්කම් කැපී පෙනුනු අතර ලකුණු 200 සීමාව හෝ පසුකර යාම අතිශය අපහසු කාර්යක් බවට පත් වී තිබු ශ්‍රී ලංකා ඉණිම ලකුණු 220ක් කරා රැගෙන යාමට ඔහු සමත් වුයේ පසු පෙළ පිතිකරුවන් හා එක් වෙමිනි. එහිදී ඔහු ලකුණු 20ක් රැස් කිරීමට සමත් වුනා.

අනතුරුව පන්දු යැවීමේදි ප්‍රතිවාදී කඩුලු 2ක් බිඳ හෙලූ අතර මෙවර IPL තරඟාවලියේදි පන්දු 14කදී වේගවත් අර්ධ ශතකයක් රැස් කළ Pat Cummins එල්ල කළ පහරක් ඉතා විශිෂ්ට උඩ පන්දුවක් ලෙස රැක ගනිමින් ඕස්ට්‍රේලියාව සතුව තිබු අවසන් බලාපොරොත්තුවත් ශ්‍රී ලංකාව දෙසට ගෙන ඒමට දුනිත් සමත් වුනා.

සිය දෙවන ජාත්‍යන්තර තරඟය ක්‍රිඩා කලත් ඉතා විශාල අත්දැකීම් ප්‍රමාණයක් සහිත ක්‍රිඩකයකු ලෙස දස්කම් දැක් වූ දුනිත් Pat Cumminsගේ ලබාගත් සුපිරි උඩ පන්දුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7