Cricket NewsEXCLUSIVEWoman Cricket

ලෝක කුසලාන කිරුළ හඹා යන සටනේ සිටින සිංහ ධේනුවන් ඇමරිකා කාන්තා කණ්ඩායමට අන්ත පරාජයක් අත් කරමින් ලෝක කුසලාන ගමන්මග ජයග්‍රාහීව අරඹයි.!

එළඹෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් සිම්බාවේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීම සඳහා පසුගිය 16 වනදා චාමරි අතපත්තු ගේ නායකත්වයෙන් යුත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාවේ බලා පිටත්ව ගියා.

ඒ අනුව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවට ලැබුණු පළමු පුහුණු තරගය අද ඇමරිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වුනා.

මෙම තරගයෙන් ඇමරිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 200ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

අද තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 5 ක් පමණක් දැවී ලකුණු 326 ක දැවැන්ත ලබන පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නිලක්ශි සිල්වා නොදැවී ලකුණු 77ක් රැස් කිරීමට සමත් වූ අතර හර්ශිතා සමරවික්‍රම ලකුණු 54 ක් රැස් කිරීමට සමත් වුණා.

නායක චාමරි අතපත්තු ලකුණු 41 රැස්කළා අමා කාංචනා ලකුණු 39ක්,ඉමේශා දුලානි ලකුණු 31ක්, හෂිනි පෙරේරා ලකුණු 28ක් සහ කවීශා දිල්හාරි ලකුණු 20ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 326 – 5 (50Overs)

ඒ අනුව ලකුණු 327 ජයග්‍රහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි ඇමරිකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 46 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

ඇමරිකානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නියැළුනු Lisa Ramjith ලකුණු 68 ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 3ක්, සචිනි නිසංසලා කඩුලු 2ක්, නිලක්ශි කඩුලු 1ක් හා අචිනි එක් කඩුල්ලක් බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඇමරිකා කාන්තා කණ්ඩායම 126 – 10 (50 Overs)

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ප්‍රථම පුහුණු තරගය ජයග්‍රහණය කරමින් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ජයග්‍රාහී මානසිකත්වයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7