Cricket KnowledgeCricket NewsEXCLUSIVEInternational

ඉන්දියාවට එරෙහිව, ශ්‍රි ලංකා වේග පන්දුවෙ වගකීම නවකයන් දෙදෙනෙක් කරමත පැටවේ.

සංචා­රක ඉන්දීය ක්‍රිකට් කණ්ඩා­යම සහ ශ්‍රී ලංකා කණ්ඩා­යම අතර තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය අද (2) පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ.

දෙපිල අතර විස්සයි20 තර­ගා­ව­ලි­යට එක් නොවූ එක්දින නායක රෝහිත් ශර්මා, සුපිරි පිති­කරු විරාට් කෝලි, ශ්‍රේයාස් අයි­යර් සහ ලෝකේෂ් රාහුල් වැනි ප්‍රබල ක්‍රීඩ­ක­යන් මේ තර­ගා­ව­ලි­යේදී ඉන්දීය පිලට එක්වන අතර, නව නාය­කයා ලෙස පත්වූ චරිත් අස­ලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලට විශා­ලම අභි­යෝ­ගය වී ඇත්තේ අස­නීප සහ ආබාධ තත්ත්ව­යන් හේතු­වෙන් පළ­පු­රුදු වේග පන්දු යව­න්නන් රැසක් අහිමි වීමය. මේ නිසා නවක වේග පන්දු යව­න්නන් සම­ඟින් පිටි­යට පිවි­සී­මට ශ්‍රී ලංකා පිලට සිදුව ඇත.

ඉන්දි­යා­වට එරෙහි විස්සයි20 තර­ගා­ව­ලිය ආර­ම්භ­යට පෙර වේග පන්දු යවන දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු අස­නීප තත්ත්ව­යක් මතත්, නුවන් තුෂාර පුහු­ණු­වීම් අත­ර­තුර ඇඟි­ල්ලක ආබා­ධ­ය­කට ලක්වී­මත් හේතු­වෙන් සංචි­ත­යෙන් ඉවත් වූහ. මතීෂ පති­රණ තෙවැනි විස්සයි20 තර­ගයේ පන්දු රකි­මින් සිටි­යදී උර­හිසේ ආබා­ධ­ය­කට ලක්වූ අතර, ඩිල්ෂාන් මධු­ෂංක පුහු­ණු­වීම් අත­ර­තුර වම් පාදයේ ආබා­ධ­ය­කට ගොදුරු විය. ළහිරු කුමාර ද ආබාධ තත්ත්ව­ය­කින් පසු­වන බැවින් මේ සංචි­ත­ව­ලට තේරීම් සඳහා සලකා බලා නැත.

එක්දින තර­ගා­ව­ලි­යට මුලින්ම නම් කළ සංචි­ත­යට මධු­සංඛ, මතීෂ සහ අසිත ප්‍රනාන්දු ඇතු­ළත් වූ අතර, එක්දින තරග 7කට පම­ණක් ක්‍රීඩා කළ අසිත ප්‍රනාන්දු අව­සන් වරට මේ වසරේ පෙබ­ර­වාරි මස පල්ලෙ­කැ­ලේදී ඇෆ්ග­නි­ස්තා­න­යට එරෙ­හිව එක්දින තර­ග­ය­කට එක් විය. මීට අම­ත­රව තුන් ඉරි­යව් ක්‍රීඩක චාමික කරු­ණා­රත්න පම­ණක් වේග පන්දු යව­න්නකු ලෙස සංචි­තයේ සිටී. ආබා­ධ­යට ලක්වූ මතීෂ සහ මධු­සංඛ වෙනු­වට තව­මත් ජාත්‍ය­න්තර තරග වරම් හිමි­කර ගෙන නැති නවක ක්‍රීඩ­ක­යන් වන මොහො­මඩ් ශිරාස් සහ ඒෂාන් මාලිංග කැඳ­වී­මට තේරීම් කමි­ටුව පිය­වර ගෙන තිබේ.

29 හැවි­රිදි ශිරාස් ‘ඒ’ කාණ්ඩයේ තරග 47ක් ක්‍රීඩා කර­මින් කඩුලු 80ක් දවා­ගෙන ඇති අතර, මේ දින­වල පැවැ­ත්වෙන අන්තර් සමාජ එක්දින තර­ගා­ව­ලියේ තරග 4කදී කඩුලු 7ක් දවා ගෙන ඇත. තව­මත් ‘ඒ’ කාණ්ඩයේ තරග 7ක් පම­ණක් ක්‍රීඩා කර ඇති 23 හැවි­රිදි ඒෂාන් මාලිංග එහිදී කඩුලු 12ක් බිඳ දමා ඇති අතර, ඉන් කඩුලු 9ක්ම දවා­ගෙන ඇත්තේ මෙවර අන්තර් සමාජ එක්දින තර­ගා­ව­ලියේ තරග 3කදීය.

මීට අම­ත­රව අවශ්‍ය වුව­හොත් ආදේශ කිරීම සඳහා අති­රේක ක්‍රීඩ­ක­යන් ලෙස කුසල් ජනිත් පෙරේරා, ප්‍රමෝද් මදු­ෂාන් සහ ජෙෆ්රි වැන්ඩසේ සංචි­ත­යට නම් කිරී­මට ද කට­යුතු කර තිබේ.

ඉන්දීය පිලට රෝහිත්, කෝලි, අයි­යර් සහ රාහුල්ට අම­ත­රව කුල්දීප් යාදව් සහ තව­මත් ජාත්‍ය­න්තර තරග වරම් ලබා නැති 22 හැවි­රිදි වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රානා ද සංචි­ත­යට එක්ව සිටී.

ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව ජාත්‍ය­න්තර එක්දින තරග 168කදී හමුව ඇති අතර, ඉන් තරග 99ක් ජය ගෙන ඇත්තේ ඉන්දි­යා­වයි. ශ්‍රී ලංකාව තරග 57ක් ජය ගනිද්දී තරග 11ක් විස­ඳු­ම­කින් තොරව ද තර­ග­යක් ලකුණු සම­වී­මෙන් ද නිමා වී තිබේ.

අව­සන් වරට 2021 වසරේ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේ­දීම ශ්‍රී ලංකා පිල අව­සන් වරට ඉන්දි­යාව පරා­ජය කර ඇති අතර, ඉන් අන­තු­රුව හමුවූ තරග 6ම ඉන්දි­යාව ජය­ගෙන ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචි­තය

චරිත් අස­ලංක (නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සම­ර­වි­ක්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලිය­නගේ, නිශාන් මධුෂ්ක, වනිඳු හස­රංග, දුනිත් වෙල්ලා­ලගේ, චාමික කරු­ණා­රත්න, මහීෂ් තීක්ෂණ, අකිල ධනං­ජය, අසිත ප්‍රනාන්දු, මොහො­මඩ් ශිරාස්, ඒෂාන් මාලිංග.

ඉන්දීය එක්දින සංචි­තය

රෝහිත් ශර්මා, ශ්‍රේයාස් අයි­යර්, විරාට් කෝලි, රිෂාබ් පාන්ට්, රියාන් පරාග්, ලෝකේෂ් රාහුල්, ශුබ්මන් ගිල්, ශිවම් ඩුබේ, අක්සර් පටෙල්, වොෂිං­ටන් සුන්දර්, කලීල් අහ­මඩ්, අර්ෂ­දීප් සිං, හර්ෂිත් රානා, කුල්දීප් යාදව්, මොහො­මඩ් සිරාජ්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button