Cricket NewsEXCLUSIVEIPL

KKR නියෝජනය කරමින් චාමික කරුණාරත්න අද රාත්‍රියේ සිය මංගල IPL තරඟය ක්‍රිඩා කරනු ඇති බවට ලෝකප්‍රකට EspnCricinfo වාර්තාකරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තෙ පැය කිහිපයක් පමණි.

එනම් පසුගිය වසරේ ශුරයන් වන CSK සහ අනුශුරයන් වන KKR අතර අද රාත්‍රියේ පැවැත්වෙන තරඟයෙන් මෙවර IPL ක්‍රිකට් සැණකෙළිය ආරම්භ වීමට නියමිතය.

මේ අතර ලෝකප්‍රකට EspnCricinfo ආයතනය විසින් මෙම සමාරම්භක තරඟය පිළිබඳව විශේෂ වාර්තාමය සටහනක් තබා ඇති අතර එහිදී ඔවුන් සඳහන් කල ඇත්තේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක චාමික කරුණාරත්න KKR වර්ණ යටතේ ප්‍රථම තරඟයට ක්‍රිඩා කරනු ඇති බවයි.

ඒ සම්භන්ද සදහන් කරමින් චාමික ක්‍රිඩා කිරීමට ආසන්නතම හේතුව බවට පත් වී ඇත්තේ ඕස්ට්‍රේලියා ක්‍රිඩක පැට් කමින්ස් ඊයේ (25) පකිස්තාන සංචාරය අවසන් කිරීමෙන් පසු නැවතත් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමත් Aaron Finch සමගම නැවතත් IPL හා සම්බන්ද වීමට ඔහු තීරණය කර තිබීමත්ය.

ඒ අනුව හෙට තරගයට KKR වෙනුවෙන් විදෙස් ක්‍රිඩකයන් ලෙස Andre Russell සහ Sunil Naraine සහ සෑම් බිලින්ග්ස් අංක 5 ස්ථානයේ කඩුලු රකිමින් පිතිකරණයේ යෙදෙන අතර චාමික කරුණාරත්න අංක 8 ස්ථානයේ ක්‍රිඩා කරනු ඇති බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ද ව KK හට අවස්ථා දෙකක් තිබෙන බවත් ඒ චාමික කරුණාරත්න සහ ටිම් සවුති බව සදහන් කරන EspNcricinfo වැඩි දුරටත් සඳහන් කරන්නේ චාමිකගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ඔහුට අවස්ථාව හිමි වනු ඇති බවටයි.

ඒ අනුව ක්‍රීඩා කිරීමට වඩාත්ම ඉඩ ඇති සංචිත ඔවුන් මෙලෙස නම් කර තිබුනා

Chennai Super Kings:

1 Ruturaj Gaikwad, 2 Robin Uthappa, 3 Devon Conway, 4 Ambati Rayudu, 5 Ravindra Jadeja (C), 6 Shivam Dube, 7 MS Dhoni (wk), 8 Dwayne Bravo, 9 Rajvardhan Hangargekar, 10 Chris Jordan/Maheesh Theekshana, 11 Adam Milne

Kolkata Knight Riders:

1 Venkatesh Iyer, 2 Ajinkya Rahane, 3 Shreyas Iyer (C), 4 Nitish Rana, 5 Sam Billings (wk), 6 Andre Russell, 7 Sunil Narine, 8 Chamika Karunaratne, 9 Shivam Mavi 10 Varun Chakravarthy, 11 Umesh Yadav/Rasikh Salam Dar

EspnCricinfo මේ සම්බන්දව පල කළ විශේෂ ලිපිය මෙතනින් >>> https://www.espncricinfo.com/series/indian-premier-league-2022-1298423/chennai-super-kings-vs-kolkata-knight-riders-1st-match-1304047/match-preview

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7