Cricket GossipCricket NewsEXCLUSIVEInternational

මේක පන්දු යවන්නන්ගේ යුගයයි. පිතිකරුවෝ තරග සකසනවා පමණයි, පිතිකරුවෙක් ලකුණු 1000ක් ගත්තත් ජයග්‍රහණය සහතික කරන්න බැහැ – ඉන්දීය පුහුණුකරු ගෞතම් ගාම්භීර්

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් පන්දු යවන්නන්ගේ වැදගත්කම පිළිබදව නවසීලන්තයට එරෙහිව බදාදා එම් චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආරම්භක ටෙස්ට් තරගයට පෙර අවධාරණය කළේය.

පසුගිය දශකය තුළ, ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝතම ආකෘතියේ වෙනසක් සෙමෙන් දිග හැරෙමින් ඇති අතර, එහිදී පිටියේ අධික කාලයක් වැය කරන පිතිකරුවන් පන්දු යවන්නන්ගේ දස්කම් වසා ගැනීමක් කරනවා.

ගාම්භීර්ට අනුව පිතිකරුවන් විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ලකුණු පුවරුවට ලකුණු දැමූවද ජයග්‍රහණය සහතික කල නොහැකි අතර, නමුත් පන්දු යැවීමේ අංශය කඩුලු 20ක් දවා ගත්තොත් ඒ කණ්ඩායමේ ජයග්‍රහණය අඩු වැඩි වශයෙන් සහතික කරයි.

“ඒ යුගය අතීතයයි. මේක පන්දු යවන්නන්ගේ යුගයයි. පිතිකරුවෝ තරග සකසනවා පමණයි. අපේ මේ පිතිකරු උමතු ආකල්පය අවසන් කළ යුතුයි. පිතිකරුවෙක් ලකුණු 1000ක් ගත්තොත් ජයග්‍රහණය සහතික නැහැ .ඒත් පන්දු යවන්නෙක් ගත්තොත් කඩුලු 20ක්, එතකොට අපි ටෙස්ට් තරගය දිනන බවට සියයට 99ක සහතිකයක් තියෙනවා,” ගාම්භීර් සඳුදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button