Cricket NewsEXCLUSIVEInternational
ශ්රි ලංකා මැදපෙල පිතිකරුවන්ගෙ දුර්වල පිතිකරණයෙන් පලමු වීස්සයි20 ජය නවසීලන්තයට.
පරදින්න මෙච්චර උවමනාවක්…!
ඒ සෙල්ලම් කරපු විදිහට හිතුනේ මේ තරගය දිනන්න තියෙන උවමනාවටත් වඩා පරදින්න පුදුම උවමනාවක් තිබ්බා කියලා… ඒ තරමට ලේසි මැච් එකක් දෝතින්ම පිදුවේ…
පිතිකරණයෙන් විතරක් නෙමෙයි !
මේ වින්නැහිය මුලින්ම වුනේ පන්දු යැවීමෙන්…
පලමු පන්දුවාර 10දි ලකුණු 65ට කඩුලු 5ක් බාලා නවසීලන්තය අන්ත අසරණ කරලා හිටපු අපි අවසන් පන්දුවාර 10ට ලකුණු 107ක් ලබා දෙනවා.
මුලින්ම අපිට වැරදුනේ එතන,
අපි පන්දු යැවීමේදී ගත්ත, ඒ හොඳ ආරම්භයත් එක්ක අන්තිම පන්දුවාර දහය අපිට මීට වඩා හොඳට කරලා අඩු ලකුණු ගානකට තියා ගන්න තිබුනා.
ඒත් ඒක බැරි වුණා..!
කමක් නෑ කියමුකෝ…!
ඊට පස්සේ අපේ ආරම්භක පිතිකරන යුගලය ඒ සේරම අකාමකා දමමින් විශිෂ්ඨ ශතක සබඳතාවයක් ගොඩ නගනවා.
කුසල් මෙන්ඩිස් අවුට් වෙන්නේ කන්ඩායමේ ලකුණු පුවරුව 121ක් වෙනකල් අරන් ගිහින්… දිනන්න තව ලකුණු කීයක්ද ඕනි වෙලා තිබුනේ.. එක පැත්තකින් හොඳින් ලකුණු අතරට ඇවිත් හිටපු පැතුම් නිස්සංක කඩුල්ලේ රැදී සිටියා…
හැබැයි කුසල් ජනිත්, කමිඳු මෙන්ඩිස් ඒ සියලු බලාපොරොත්තු සුනුවිසුණු කරලා දාලා පීඩනයක් නැතුව ජයග්රාහී කඩයිම කරා යන්න තිබුන ගමනට පන්දු දෙකෙන් පීඩනය ගොඩ නැගුවා. අර අරන් ගියපු Momentum එක සම්පූර්ණයෙන්ම විනාශ කරා…
ඇඩ්රස් නැතුව හිටපු නවසීලන්ත පන්දු බල ඇණිය එතැනින් පස්සේ ආයෙමත් ගේම් එකට ආවා.
අන්තිමට අවුරුදු 13කට පස්සේ ලංකාවේ එකෙක් ගහයි කියලා හිතපු T20I 100ත් ඒත් එක්කම නැති වුනා.. ඒ ශ්රි ලංකාවේ කන්ඩායමේ අවසන් බලාපොරොත්තුව වෙලා හිටපු පැතුම් නිස්සංකවත් ලකුණු 90කට දවා ගන්න මැට් හෙන්රි සමත් වුණා. ඒ පන්දුවාරයේම භානුක රාජපක්ෂත් කඩුලු පූජා කරන්නේ ජයග්රහණයක් ගැන බලාපොරොත්තු කන්දරාවක් පොදි බැදන් හිටපු ශ්රි ලංකා ක්රිකට් ප්රේක්ෂකයන්ට එක මොහොතකින් එලොව පොල් පෙන්නලා..!
මේ තරගයේ නවසීලන්තය පිතිකරණයේ යෙදෙද්දී ඩැරල් මිචෙල් ලකුණු 8දී මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ දැවී යනවා. විනිසුරුවරයා ලබාදුන් ඒ තීරණය ඩැරල් මිචෙල් අභියෝගයට ලක් කරනවා.
ඒ අවස්ථාවේ පතිරණ යොමුකළ පන්දුව නිපන්දුවක් බවට තුන්වෙනි විනිසුරු විසින් තහවුරු කල අතර මිචෙල් නොදැවුනු ක්රීඩකයෙක් බවට පත් වෙනවා. Free Hit පන්දුවට දර්ශනීය හයේ පහරකින් සංග්රහ කල ඩැරල් මිචෙල් අවසානයේ පන්දු 42කට ලකුණු 62ක් ලබා ගන්නවා.
මුල් පන්දුවාර 10 තුලදී කඩුලු 5ක් දැවී ලකුණු 65ක් ලබා අසරණ වී සිටි නවසීලන්ත ඉනිම Bracewell සමග එක්ව පන්දුවාර 20 අවසානයේ ලකුණු 172ක් වැනි ප්රභල තැනකට ඔහු රැගෙන යනවා.
අවසන් පන්දුවාර 10ට ශ්රි ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 107ක් ඔවුන් උදුරා ගන්නවා. එහෙමයි එයාලා මේ මැච් එකේ අපිට ගැහුවේ…
ඒත් අපි ලකුණු 121ක් කඩුලු 10ක් අතේ තියාගෙන ගහලත් අන්තිමට ඉතුරු ලකුණු 52 ගහ ගන්න බැරුව කඩුලු 8කුත් පූජා කරලා තරගය පරදිනවා. අන්නේකයි මුලින්ම කිව්වේ මේ තරගය අපිට දිනනවට වඩා පරදින්න පුදුම උවමනාවක් තිබ්බේ කියලා..!
| Rishie Bro
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
1
+1