Cricket NewsEXCLUSIVE

“ආසියානු ශූරයන් තව තවත් ජයග්‍රහණ පිපාසයක ඉන්නෙ” – ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන් මග පිළිබඳව ICCය තැබූ විශේෂ සටහන.!

මෙවර ආසියානු කුසලාන තරඟාවලිය ජයග්‍රහණය කරමින් ආසියානු ශූරයන් ලෙස විස්සයි-20 ලෝක කුසලානයට ‍ප්‍රවිශ්ඨ වීමට මග බලමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් දෙස් විදෙස් ක්‍රිකට් විචාරකයන්ගේ අවධානය හිමි කරගෙන අවසන්.

පසුගිය වසර වල කුිඩා කළ ආකාරය හේතුවෙන් මෙවර සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටයට ක්‍රිඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය හේතුවෙන් මේ වනවිටත් මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය කිරීමට ඉහළම සම්භාවිතාවක් ඇති රටවල් කිහිපය අතරටද නම් වී අවසන්.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ගමන් මග පිළිබඳව සඳහන් කර තිබුණේ ආසියානු ශූරයින් තවත් ජයග්‍රහණ බඩගින්නක සිටින බවයි.

මුළු ක්‍රිකට් ලෝකයේම තියුණු අවධානය ශ්‍රී ලංකා කණ්ඩායමට යොමු වී තිබෙන බවට එය කදිම නිදසුනක්.

ICC ය තැබූ එම විශේෂ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button