Cricket NewsEXCLUSIVETrending Article

“මේක 96 ලෝක කුසලානය දින්න ක්‍රීඩාංගණය, එතැනින්ම අපි පටන් ගත්තා අපේ ක්‍රිකට් එක වෙනස් කරන්න” – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවේ ස්වර්ණමය යුගය නැවත ප්‍රතිනිර්මාණය වන බවට දසුන් දුන් පළමු ඉඟියට වසර 3යි.!

දිනය 2019 වර්ෂයේ ඔක්තෝබර් 09 වෙනිදා ය.

එදා පකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ සිදු වුයේ කවුරුත් නොසිතූ දෙයක් ය. ඒ අන් කවරක් නොව ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට පකිස්තානය සිය දේශයේදීම විස්සයි විස්ස තරගාවලි පරාජයක් ලැබී ය.

එයද මහ පුදුමාකාර ය. මන්ද එකල ලොව අංක එකේ සිටි පකිස්තානය මේ තරුණ නායකයාගේ පුංචි සිංහ රංචුව ඉදිරියේ බියෙන් සැග වී පැනගොස් දුවන්නේ ය. එයද එසේ මෙසේ ජයක් නොවන්නේ මේ තරුණ නායකයා යටතේ සටන් කල සිංහ පුත්‍රයෝ 3-0ක් ලෙස පකිස්තානය සිය මව්බිමේදීම සමූහ දූෂණය කල බැවිනි.

මෙකී විජයග්‍රාහී පහස විදින්නට සිංහපෝතකයින්ට හැකි වුයේ අහම්ඹෙන් බව නොරහසක් ය. එදා කිසිසේත්ම දසුන් ශානක නම් නායකයෙක් ගැන අපට අසන්නට ලැබෙන්නේ අතීත මරණ මංචකයේ බියෙන් වැගිරුනු එකල සිටි ජේෂ්ඨයින් බහුතරයක් මෙකී තරග සංචාරය ප්‍රතික්ෂේප කල නිසාවෙනි. එනිසාවෙන් තේරිම් කමිටුවට තිබූ අවසන් තුරුම්පුව ලෙස දසුන් ශානක එම තරගාවලියේ නායකයා බවටත් වසර ගණනක් තේරිම් කමිටු හී ලොකු මහත්තුරුන්ගේ හිංසාවට පත් භානුක රාජපක්ෂ වැනි අයටත් ඉඩකඩ වෙන් වෙන්නේ එනිසාවෙනි.

අවසානයේ දසුන් ශානක නම් නායකයා මෙසේ සිය ජයග්‍රහණය ගැන වදන් පවසන්නේ මෙතෙක් ක්‍රිකට් ‍රජදහනේ බිහි වූ විශිෂ්ඨ නායකයෙකු මෙන් වචන ඔහුගේ මුවින් එලියට දමමිනි.

“මේක 96 ලෝක කුසලානය දින්න ක්‍රීඩාංගණය, එතැනින්ම අපි පටන් ගත්තා අපේ ක්‍රිකට් එක වෙනස් කරන්න”

එදා දසුන් පවසන්නේ එලෙස ය.

එදා මෙකී වචන වල බරක්පතලක් අපිට නොතේරෙන්නට ඇත. අපිට මෙන්ම තේරිම් කමිටුවටද තේරුනා යැයි සිතන්නේ නැත. මන්ද නන්නත්තාර වෙමින් තිබූ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට රාජකීය ජයග්‍රහණයක් ලබා දුන් දසුන් ශානක නම් නායකයාගේ රාජ ඔටුන්න එම තරගාවලියෙන් අනතුරුව නැවතත් ගැලවෙන නිසාවෙනි.

කෙසේ නමුත් එදා සියල්ලන් ප්‍රීති ප්‍රමෝදයෙන් පිනවන්නේ නව නායකයෙක් සහ නව බලාපොරොත්තුවක් ප්‍රේක්ෂක හදවතේ හැගුම් දල්වාලමිනි.

අනතුරුව එදා සිය මංගල නායකත්වයේ තරගාවලිය විජයග්‍රහණය කල නායකයාට නිසි තැන පසු කලක ලැබුනි. ලැබෙනා විට මගේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දැඩි සත්කාර ඒකකයේ පණ අදිමින් සිටිමි.

කෙසේ හෝ මේ අපූරු නායකයා නැවතත් එකී පණ අදිමින් සිටි ශ්‍රි ලංකා ක්‍රිකට් නම් අසාධ්‍ය ‍රෝගියාට ඔක්සිජන් ලබා දී ටිකෙන් ටික පණ ගන්වන්නට සමත් වුනි.

අවසානයේ මේ ක්‍රිකට් ක්‍රීඩාව දෙපයින් හිටගන්නටද වාරු ලැබෙන්නේ මේ අපූරු නායකයා නිසාවෙනි. ඒ ඔබ අප කවුරුත් දන්නේ ඕස්ට්‍රේලියාවට පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ගිණිකෙළියක් කරමින් ලබා ගත් ආශ්චර්යමත් ජයග්‍රහණය නිසාවෙනි.

එතැන් පටන් සිංහ සෙයියාව දිනෙන් දින වැජඹෙන්නේ සියල්ලන්ම අවතක්සේරු කල ලක් මාතාවට නොපෙනුණ ආසියානු කුසලානයක්ද මේ පිංවන්ත නායකයාගේ සුරතින් ලක් මවට භාර කර දෙමිනි.

එසේ දසුන් ශානක නම් අපූරු කපිතාන්වරයා ශ්‍රි ලාංකීය ක්‍රිකට් වංශකතාවේ නව යුගයක් අරඹන්නේ එදා ගඩාෆි පිටියේ කල විශ්වකර්මයට ස්තූති වන්නට ය.

දසුන්ලා මෙන්ම අද සිංහ සේනාවේ කප්පිත්තන් වී සිටිනා බොහෝ රාජ පුරුෂයන් විටෙක මෙම ජයග්‍රහණය නොමැති වන්නට මැකී යන්නට තිබුනේ ය.

කෙසේ හෝ දසුන් නම් මිණි කැටය මේ ලක් පොළොවේ තවමත් ක්‍රිකට් ක්‍රීඩාවේ කප්පිත්තන් සිටිනා බවට පසන් කරන්නේ එදා ලබාගත් ඒ අපූරු විජයග්‍රහණයෙන් වසර තුනකට පසුව ශ්‍රි ලංකා ක්‍රිකට් නම් ලෝකයේ නැවතත් ගෞරවාන්විත තේජස පිරුණු නාමයක් බවට පත් කරමිනි.

ස්තූතියි කපිතාන් !!!!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button