Cricket GossipCricket NewsEXCLUSIVE

පල්ලෙකැළේ ක්‍රිඩාංගනයේ මයිනො රණ්ඩුව ජාත්‍යන්තරයට – කැමරා කාචයේ සටහන් වූ අපූරු දර්ශනය.!

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය අද මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාන්ගනයේදී ආරම්භ වූවා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් මේ වන විට පිතිකරණයේ යෙදී සිටින අතර වර්ශාව හේතුවෙන් තරඟය නතර කරන විට පන්දුවාර 47.4ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටියා.

ඕස්ට්‍රේලියානු පන්දු බලඇණියේ පීඩනය හමුවේ අද කිසිම ශ්‍රී ලංකා පිතිකරුවකුට අර්ධ ශතකයේ සීමාවට හෝ පැමිණිමට හැකි වුයේ නැහැ.

ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 34ක් හා ධනංජය සිල්වා ලකුණු 34 බැගින් රැස් කළා.

යොවුන් ක්‍රිඩක දුනිත් වෙල්ලාලගේ ලකුණු 20ක් රැස් කිරීමට සමත් වුනා.

දුෂ්මන්ත චමීර හා මහීෂ් තීක්ශන පිතිකරණයේ යෙදී සිටියදී වර්ශාව ඇද හැලීම හේතුවෙන් මේ වන විට තරඟය නතර කර තිබෙනවා.

මෙ අතර තරඟයේ 35වන පන්දුවාරයේ මයිනන් තිදෙනෙක් ක්‍රිඩාංගනයේ සිටින අපූරු වීඩියො පෙළක් කැමරා කාචයේ සටහන් වී තිබු අතර ශ්‍රී ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක වන මෙම අවස්ථාවේ එම සතුන්ගේ දර්ශනය නොමිළේම ලැබුනු ත්‍යාගක් ලෙස ද හැඳින්විය හැක.

එම මයිනන්ගේ දර්ශනය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7