Cricket NewsEXCLUSIVE

පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී නොසැලුණු චාමික කරුණාරත්න පසුපෙළ පිතිකරුවන් සමග එක් ව දියත් කළ සටන්කාමී ඉණිම.!

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ 5වන සහ අවසන් එක්දින තරඟය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ නමුත් එම තීරණයට සාදාරණයක් ඉටු කිරීමට කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකු සමත් වුයේ නැති අතර ලකුණු 85ක් වන විට කඩුලු 8ක් බිඳ වැටි ශ්‍රී ලංකාව දැඩි අසීරු තත්වයක පසු වුවා.

කෙසේ නමුත් චාමික කරුණාරත්න පසුපෙළ පිතිකරුවන් හා එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 160ක් දක්වා රැගෙන ගිය අතර එහිදී විශිෂ්ට පිතිකරණයක් දියත් කල චාමික කරුණාරත්න ලකුණු 75ක් රැස් කල අතර එයට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ඇතුලත් වුනා.

ඉනිමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් රැස් කල අතර පන්දු යැවීමේදී Pat Cummins, Matthew Kuhnemann සහ Josh Hazlewood කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button