Cricket NewsEXCLUSIVE

“ලසිත් මාලිංග අයියගෙන් ලැබෙන සහයෝගය අති විශිෂ්ඨයි, අපේ පන්දු යවන්නන් ඔහුගෙන් ඉගෙනගන්නවා” – දසුන් ශානක

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ 5 කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය හෙටින් ආරම්භ වීමට නියමිතය.

මෙම ඔස්ට්‍රේලියානු තරග සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වැදගත් වී ඇත්තේ මෙම වසරේ පැවැත්වෙන 2022 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ පැවැත්වීම හේතුවෙනුත් එම ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සිදු කරන එකම තරග සංචාරය මෙම තරගාවලිය වීමත් හේතුවෙනි.

මේ අතර මෙම තීරණාත්මක තරඟාවලියේ ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියේ පුහුණු උපදේශක තනතුර දරනු ලබන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ පුරාවෘත්ත ගනයේ පන්දු යවන්නකු මෙන්ම,විස්සයි-20 ආකෘතියේ බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන ලසිත් මාලිංග විසිනුයි.

දෙරට අතර තරගාරම්භයට පෙර තාක්ෂණික සහාය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක ලසිත් මාලිංග ගේ එක් වීම සම්භන්දයෙන් අදහස් පළ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි දසුන් ශානක, ජාත්‍යන්තර තරග පිටියේ සාර්ථක වාර්තාවන් රැසක් සහිත ලසිත් මාලිංග පන්දු යවන උපදේශකවරයකු ලෙසින් කණ්ඩායම සතුවීම කණ්ඩායමට ලොකු ශක්තියක් වන බව සඳහන් කර සිටියා..

“ඇත්තටම මාලිංගගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් විශිෂ්ඨයි. මොකද ඒ වගේ ඉහළ මට්ටමකට ගිය දැනුමක් තියෙන කෙනෙක්ගෙන් ක්‍රීඩකයින්ට ගන්න තියෙන එක තමයි වටිනාම දේ. මොකද ඔහු ගොඩක් අවස්ථාවන්වලදී තරග හොඳින් හසුරුවලා, නායකයෙක් විදියට සාර්ථක වාර්තාවක් තබා සිටින ක්‍රීඩකයෙක්. ඒක කණ්ඩායමට ලොකු ශක්තියක්.

අපේ පන්දු යවන්නන් ඒ ඒ තත්ත්වයන්වලදී පන්දු යවන විදිය ඔහුගෙන් ඉගෙන ගනිවී. ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්” යැයි දසුන් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button