Cricket NewsEXCLUSIVE

කවදත් ශ්‍රී ලංකාව අමතක නොකරන හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අද තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පතමින් තැබූ සටහන.!

සංචාරක ලෝකශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට විස්සයි-20 තරඟ ආකෘතියේ ලෝක ශුරයන් වන ඕස්ට්‍රේලියාව සිය ප්‍රභලම ක්‍රිඩයන් සිය සංචිතයට කැඳවමින් අද තරඟය සදහා සිය සංචිතය නම් කර තිබෙන අතර ශ්‍රී ලංකාවද දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව අද ක්‍රිඩා කරන කණ්ඩායමේ නම්කිරීමට අද පෙරවරුවේ කටුයුතු කළා.

ඒ අනුව කණ්ඩායම් දෙකෙ⁣හි අද ක්‍රිඩා කරන කණ්ඩායම් පිළිවෙලින් මෙ⁣සේය.

ශ්‍රී ලංකා කණ්ඩායම – Pathum Nissanka, Danushka Gunathilaka, Charith Asalanka, Kusal Mendis, Bhanuka Rajapaksa, Dasun Shanaka (c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Maheesh Theekshana, Nuwan Thushara

ඕස්ට්‍රේලියා කණ්ඩායම – Aaron Finch (c), David Warner, Mitch Marsh, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis, Matthew Wade, Ashton Agar, Mitchell Starc, Kane Richardson, Josh Hazlewood

එමෙන්ම මෙම තරග සංචාරය රටක් වශයෙන් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාවේ ඉතා වැදගත් වී තිබෙනවා. අද තරඟයට කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රිකට් ක්‍රිඩාංගනයට ප්‍රේක්ෂකයන් 35,000කට අධික සංඛ්‍යාවක් තරඟය නැරඹීමට පැමිණීමට නියමිතව තිබෙන අතර සියලු ටිකට් පත් අලෙවි වී අවසන්.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මෙම තීරණාත්මක තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය සුබ පැතුම් එක් කිරීමට අමතක කර තිබුණේ නැහැ.

දැඩි පසුබෑමක් සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් පැවැති කාලසීමාවක ප්‍රධාන පුහුණුකරු ධූරය භාරගත් මිකී ආතර් මහතා එම ධුරයෙන් ඉවත් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් තුළ ඇති කිරීමට සමත් වුණා.

මිකී ආතර් මහතාගෙ සුභ පැතුම පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7