Cricket NewsEXCLUSIVE

ලෝකශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අද තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ.!

සංචාරක ලෝකශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

අද තරඟයේදී යොවුන් පිතිකරු පැතුම් නිස්සංක සමඟින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමේ වගකීම දනුශ්ක ගුණතිලකට පැවරී තිබේ. ඊට අමතරව භානුක රාජපක්ෂ ද කලකට පසුව අද ශ්‍රී ලංකා නිල ජර්සියෙන් සැරසීමට නියමිතයි.

පසුගිය ඔස්ට්‍රේලියානු සංචාරයේදී ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුශාර යලිත් ජාතික කණ්ඩායමට කැඳවා තිබෙන අතර වේගපන්දු යවනන්න් දෙදෙනෙක් , පිතිකරුවන් පස් දෙනෙක් එක් දඟ පන්දු යවන්නෙකු හා තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙකු ශ්‍රී ලංකා කාණ්ඩායමට ඇතුලත්.කඩුලු රකින්නා ලෙසින් කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇත.

දසුන් ශානක නායකත්වය දරණ අද ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම් නිස්සංක
දනුශ්ක ගුණතිලක
චරිත් අසලංක
කුසල් මෙන්ඩිස්
භානුක රාජපක්ෂ
දසුන් ශානක (නායක)
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුශ්මන්ත චමීර
මහීශ් තීක්ෂණ
නුවන් තුශාර

අද තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7