Cricket NewsEXCLUSIVE

කුමාර් සංගක්කාරට ද්විත්ව ශතකයක් අහිමි කල හිටපු විනිසුරු රූඩි කර්ස්ටන් රිය අනතුරකින් දිවි ගමනට සමුදෙයි.!

හිටපු දකුණු අප්‍රිකාණු ක්‍රිකට් විනිසුරුවයෙකු වන රූඩි කර්ස්ටන් මහතා ඊයේ තම දිවිගමන නිමාකලේ රිය අනතුරකට මුහුණ දෙමිනි. මියයන විට 73 න් වන වියේ පසු වූ කර්ස්ටන් මහතා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හට නම් අමතක නොවන මතක ඉතිරි කොට ගිය විශිෂ්ඨයෙකි.

කේප්ටව්න් සිට ඩෙස්පැච් දක්වා තම කාරය පැදවාගෙන යාමේදී මෙම අනතුර සිදුව ඇති බව දකුණු අප්‍රිකානු මාධ්‍ය වාර්ථා සනාත කර තිබුණි.

“ඔහු ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ ගොල්ෆ් තරඟාවලියකට ගියා.ඔවුන් සඳුදා නැවත පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු උනා.නමුත් ඔවුන් තවත් ගොල්ෆ් වටයක් ක්‍රීඩා කිරීමට තීරණය කරපු බවයි පේන්නේ” යනුවෙන් කර්ස්ටන් ගේ පුත්‍රයා කර්ස්ටන් ගේ අභාවය සැලවීමෙන් පසු දකුණු අප්‍රිකාණු මාධ්‍ය වෙත කියා තිබුණි.

ටෙස්ට් තරඟ 100 කට විනිසුරුවයෙකු ලෙසින් එක්වූ විනිසුරුවරුන් අතුරින් පළමු වැන්නා වන කර්ස්ටන් ජාත්‍යන්තර තරඟ 331 කට තම දායකත්වය ලබා දුන්නේය. 2010 වසරේ ඔහු විශ්‍රාම ගත් අතර බොහෝ කලක් යන තුරු වැඩිම ජාත්‍යන්තර තරඟ සංඛ්‍යාවක් තුල විනිසුරුවයෙකු ලෙස කටයුතු කිරීමේ වාර්ථාවද ඔහු සතු විය.

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හට නම් කර්ස්ටන් ගැන ඇත්තේ එතරම් සතුටුදායක මතකයන් නොවේ . ඔස්ට්‍රේලියානු බිමේ ද්විත්ව ශතකයක් ලබාගැනීම ඕනෑම පිතිකරුවෙකුට අභියෝගයක් වනු ඇති අතර විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු වේගපන්දු ‍යවන්නන්ගේ ස්වර්ණමය යුගයක් තුල එය තව අසීරු වනු ඇත.

2007 වසරේ දී ඔස්ට්‍රේලියාවේ සංචාරයකට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම හෝබාට් හිදී ක්‍රීඩා කල දෙවන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේ ලකුණු 192 ක් රැස් කරමින් සිටි කුමාර් සංගක්කාර ස්ටුවර්ට් ක්ලාක් යොමු කල පන්දුවකදී රිකී පොංටිං අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගිය අතර එය පිත්තේ නොවැදුණු බව පසුව පුනරූපන වලින් පෙනෙන්නට තිබූ අතර කර්ස්ටන් එයින් පසු ඔහුගෙන් සමාව ඉල්ලා සිටි බවද සඳහන් වනවා .

මතකයන් රැසක් ක්‍රිකට් ක්‍රීඩාවට අගයන් රැසක් එක් කල විශිෂ්ඨයෙකු ලෙසින් තම ගමන හමාර කල රූඩි කර්ස්ටන් ඔබට සුභ ගමන් !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button