Cricket NewsDomestic CricketEXCLUSIVE

අති ප්‍රභල Reds පන්දු බලඇණියට සාර්ථකව මුහුණ දුන් දසුන් ශානක නායකත්වය දරන Greens කණ්ඩායම වර්ණ සංග්‍රාමයේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි.!

එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය මේ වන විට පැවැත්වෙනවා,

ඒ අනුව තරඟාවලියේ තෙවන තරඟය ලෙස කුසල් මෙන්ඩිස් නායකත්වය දරන Reds කණ්ඩායම සහ දසුන් ශානක නායකත්වය දරන Greens කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 9ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට දසුන් ශානක නායකත්වය දරන Greens කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Greens නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Greens කණ්ඩායම ප්‍රහල Reds පන්දු බලඇණියට එරෙහිව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 161ක් රැස් කිරීමට සමත් වුණා.

Greens වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 56කදී ලකුණු 76ක් වාර්තා කිරීමට සමත් වුනා.

නායක දසුන් ශානක ලකුණු 21ක් රැස් කළ අතර ධනංජය ලක්ශාන් ලකුණු 19ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 162ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Reds පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 153ක් පමණයි

Reds ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ භානුක රාජපක්ෂ ලකුණු 34ක් රැස් කල අතර නායක කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේදී නිමේෂ් විමුක්ති, නුවන් තුෂාර, ධනංජය ලක්ෂාන්, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟයේ වීරයා සම්මානය හිමි වුයේ නිරෝෂන් දික්වැල්ල හටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7