Cricket GossipCricket KnowledgeCricket NewsEXCLUSIVEInternational

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ඩක්වර්ත් ලුවිස් න්‍යාය ගෙනා ඩක්වර්ත් අභාවප්‍රාප්ත වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ඩක්වර්ත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් සම නිර්මාණකරුවකු වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් මහතා පසුගියදා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යන විට 84 වැනි වියේ පසු විය. එංගලන්ත ජාතික සංඛ්‍යාලේඛනඥයන් වන ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සහ ටොනි ලුවිස් එක්ව 1997 වසරේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය ක්‍රිකට් පිටියට හඳුන්වා දුන් අතර, 1999දී අයිසීසීය විසින් එය නිල වශයෙන් පිළිගත්තේය. සීමිත ඕවර තරගයකදී කාලගුණයෙන් බාධා වීමේදී ජයග්‍රාහකයන් තෝරා ගැනීම වෙනුවෙන් මේ ගණිතමය ක්‍රමවේදය භාවිත කරයි.

මේ න්‍යායේ අනෙක් නිර්මාතෘවූ ටෝනි ලුවිස් මහතා 2020 වසරේ අප්‍රේල් මස 2 වැනිදා මිය ගියේ 78 වැනි වියේ පසුවෙමින් සිටියදීය. මේ සොයා ගැනීම වෙනුවෙන් ඔවුන් දෙදෙනාට 2010 ජූනි මාසයේදී MBE (Member of the Order of the British Empire) ප්‍රදානය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button