Cricket NewsEXCLUSIVE

“තරඟ දිනනවා තරඟ පරදිනවා…රටේ ප්‍රශ්නත් තියනවා…සමාව ගන්න තරම් දෙයක් නෑ” මව්බිමේදී ලද තවත් තරඟාවලි පරාජයකට පසු ටෙස්ට් නායක දිමුත් කියයි !

අද පකිස්තානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 2-0 ක් ලෙසින් තරඟාවලි පරාජයක් අත්වූ අතර අවසන් තරඟය ඉනිමකින් සහ ලකුණු 222 කින් පරාජය වූයේ මව්බිමේදී ලද තවත් අවමන් සහගත පරාජයකට උරුමකම් කියමින්.

කෙසේ නමුත් තරඟයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පරාජය සමාව ගැනීමට තරම් කරුණක් නොවන බවයි

“තරග දිනනවා තරග පරදිනවා. ඕනම ක්‍රීඩවක ඒක පොදු ලක්ෂණයක්. අපිට හොදින් සෙල්ලම් කරන්න හම්බුනේ නැ. රටේ ප්‍රශ්නත් තියෙනවා. මේක ලොකුවට සමාව ගන්න තරම් දෙයක් කියලා මං හිතන්නේ නැ..මේක ක්‍රීඩාවක්. මේකේ ජය පැරදුම දෙකම තියෙනවා. තරග පරදිනකොට අපිටත් දුකයි. ”

යනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button