Cricket NewsEXCLUSIVEInternational

විරාට්, රෝහිත්, ජඩේජා, හා මොහොමඩ් ශාමි ගෙ අවසන් අවස්ථාව 2025 Champions Trophy යි, පැරදුනොත් ඔවුන් කණ්ඩායමෙන් ඉවත් කරනවා – ගෞතම් ගම්බීර් BCCI වෙත කොන්දේසියක් දමයි

තමා පුහුණුකරු ලෙස පත් වූවොත් තමන්ට පූර්න බලතල අවශ්‍ය බව ගෞතම් ගම්බීර් BCCI වෙත කියා තිබේ. ඔහුට පාලක මණ්ඩලයේ කිසිදු බාධාවකින් තොරව කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට අවශ්‍ය බව ඔහු BCCI වෙත දන්වා තිබෙනවා.

දෙවන කොන්දේසිය අනුව පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීමේ පුහුණුකරුවන් ඇතුළු ඔහුගේම සහායක කාර්ය මණ්ඩලය තෝරාම ඔහු විසින්ම සිදු කරන බව කියා තිබෙනවා.

තෙවනුව, වඩාත්ම වැදගත් දෙය නම්, 2025 පකිස්ථානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හතර දෙනෙකුට – විරාත් කෝලි , රෝහිත් ෂර්මා , රවීන්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් ෂාමි සඳහා අවසන් අවස්ථාව විය හැකි බවද දන්වා තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් ඉන්දියාවට තරඟාවලිය ජයග්‍රහණය කිරීමට උදව් කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන් කණ්ඩායමෙන් ඉවත් කරනු ඇත. කෙසේ වෙතත්, ක්‍රීඩකයින් ආකෘති තුනෙන්ම ඉවත් කරන බවක් ඔහු දන්ව නැත.

හතරවැනි කොන්දේසිය ලෙස ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනම කණ්ඩායමක් ඔහු සාදන බව කියා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
7
+1
9
+1
2
+1
2
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button