Cricket News

ශ්‍රී ලංකාවට යොවුන් ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වෙයි

යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු අවාසනාවන්ත ලෙස ගිලිහී ගොස් තිබේ. ඒ, සුපිරි හයදෙනාගේ වටයේ තීරණාත්මක තරගයකදී අයර්ලන්තයට එරෙහිව ලකුණු 191ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වීමත් සමඟයි.

මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන යොවුන් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 315ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 40.4ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 124ක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තීරණාත්මක වෙනසක් සිදුවිය. ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු 06ක් ලබාගත්තද, ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය (Net Run Rate) ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක පැවතීම හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. මේ වන විට ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 08ක් ලබා පෙරමුණේ පසුවන අතර, ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 06ක් හිමිව තිබුණද දළ වේගය මත පසුබැසීමට සිදුවීමෙන් තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button