Cricket NewsEXCLUSIVEInternational

විස්සයි20 තර­ග­ව­ලින් ටෙස්ට් ක්‍රිකට් විනාශ වෙනවා – ඉන්දීය පුහු­ණු­කරු ගෞතම් ගාම්භීර් පව­සයි

විස්සයි20 තර­ග­ව­ලට එක්වන පිති­ක­රු­වන්ට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා­වේදී ආරක්ෂා විය යුතු ආකා­රය අම­තක වී ඇතැයි ඉන්දීය පුහු­ණු­කරු ගෞතම් ගාම්භීර් පව­සයි. විස්සයි20 තරග රටාව හේතු­වෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා­වට බර­ප­තළ ප්‍රශ්න ඇතිවූ බව ඉන්දීය පුහු­ණු­ක­රුගේ විශ්වා­සය වී තිබේ.

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා­වේදී පිති­ක­ර­ණයේ පද­නම ආර­ක්‍ෂා­වී­මයි. සම­හ­ර­විට විස්සයි20 ක්‍රික­ට්වල පැතලි තණ­තිලි මත ක්‍රීඩා කිරී­මෙන් බොහෝ දේ කළ හැකියි. අපිට තවත් බොහෝ කණ්ඩා­යම් සම­ඟත් එම ප්‍රශ්න ඉදි­රි­යේදී ඇති­වේවි. විස්සයි20 ක්‍රිකට් තරග වැඩි ප්‍රමා­ණ­යක් ක්‍රීඩා කරන තර­මට ක්‍රීඩ­ක­යින් අඩු­වෙන් ආරක්ෂා වීමට පටන් ගන්න එක වළ­ක්වන්න බෑ” ගම්භීර් පැව­සීය.

මිචෙල් සැන්ට්නර් කඩුලු 13ක් දවා­ලී­මත් සමඟ නව­සී­ල­න්තය දඟ පන්දු­වෙන් ඉදි­රි­යට පැමිණ දෙවැනි ටෙස්ට් තර­ග­යේදී ලකුණු 113ක ජයක් අත්කර ගත්තේය. එබැ­වින් දඟ පන්දු ප්‍රහා­ර­ව­ලට මුහු­ණ­දීමේ හැකි­යාව ඉන්දි­යා­වට අහිමි වී ඇති බවට ඇතැම් අය නඟන චෝදනා ගාම්භීර් ප්‍රති­ක්ෂේප කළේය.

“මම හිතන්නේ නැහැ, සම­හර වෙලා­වට ඒක ප්‍රති­වාදී කණ්ඩා­ය­ම­ටත් දෙන්න වෙනවා” ගාම්භීර් වාර්තා­ක­රු­වන්ට පැව­සීය.

“මිචෙල් සැන්ට්නර් පසු­ගිය තර­ග­යේදී කැපී පෙනෙන දස්කම් දැක්වූවා. නමුත් අපි වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. මම හිත­නවා ඉදි­රි­යේදී අපි හොඳ අතට හැරේවි. මම හිතන්නේ නැහැ දඟ පන්දු­ව­ලට එරෙ­හිව අපේ දක්ෂතා ඇත්ත­ටම අඩු­වෙලා කියලා”

මේ මස 22 වැනිදා පර්ත්හිදී ආරම්භ වන ටෙස්ට් තරග පහ­කින් සම­න්විත ඔස්ට්‍රේ­ලි­යානු සංචා­රය ඉන්දීය පිලේ අව­සන් ටෙස්ට් තර­ගා­ව­ලිය වේ. එබැ­වින් නව­සී­ල­න්තය සමඟ ටෙස්ට් තර­ගය මේ වසරේ ඉන්දි­යාවේ පැවැ­ත්වෙන අව­සන් ටෙස්ට් තර­ගය බවට පත්ව ඇත.

ගාම්භීර් පැව­සුවේ නව­සී­ල­න්ත­යට පූර්ණ ටෙස්ට් තර­ගා­වලි ජයක් ලබා නොදී­මට තම කණ්ඩා­යම තීර­ණය කළ බවයි. “අපි උත්සාහ කළ යුතුයි මේ ටෙස්ට් තර­ගය ජය­ග්‍ර­හ­ණය කරන්න, එවිට අපි ජය­ග්‍ර­හ­ණ­යක් සමඟ ඔස්ට්‍රේ­ලි­යා­වට යනවා” ගෞතම් ගාම්භීර් පැව­සීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button