Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ක්‍රිකට් තර­ග­යක් පව­ත්වා­ගෙන ක්‍රීඩාංගණ භාර සේවකයන් කරන්නෙ මිල කළ නොහැකි සේවයක් – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අස­ලංක

“ලෝකෙ වැඩි­යෙන්ම මහන්සි වෙන ක්‍රීඩාං­ගණ භාර සේව­ක­යින් ඉන්නේ ශ්‍රී ලංකාවේ. නමුත් ඔවු­න්ටත් කරන්න අමාරු කොට­සක් තියෙ­නවා. වර්ෂා­වෙන් තෙත් වුණාම යළි ක්‍රීඩාං­ග­ණය වේළ­නවා කියන එක හරිම අමාරු වැඩක්. ඒ වගේ වේලා­වක බෝලය තෙත් වුණාම පන්දු යව­න්නන්ට අමා­රුයි පන්දු යවන්න. විශේ­ෂ­යෙන්ම දඟ පන්දු යව­න්නන්ට අමාරු වෙනවා. යාර 30න් එළි­යට පන්දුව ගියාම පන්දුව තෙත් වෙනවා“ අස­ලංක සඳ­හන් කළේය.

පල්ලේ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ පසු­ගි­යදා පැවැති එක්දින ජාත්‍ය­න්තර තරග තුනේ­දීම වරින් වර වර්ෂාව පති­තවී තර­ග­යට බාධා ගෙන දුන­නේය. එවිට වහාම ක්‍රියා­ත්මක වූ ක්‍රිකට් ක්‍රීඩාං­ගණ භාර සේව­ක­යින් ඕවර් කිහි­ප­යක් හෝ ක්‍රීඩා කිරීම වෙනු­වෙන් විශාල පරි­ශ්‍ර­ම­යක් දැරීම කාගේත් ප්‍රශං­සා­වට බඳු විය. වැස්සට තෙමී, අව්වට වේළී ක්‍රිකට් තරග පවත්වා ගැනීම වෙනු­වෙන් බල­වත් පරි­ශ්‍ර­ම­යක් දරන පල්ලේ­කැලේ ක්‍රීඩාං­ග­ණයේ සේව­ක­යින් 130ක් පමණ සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button