Chennai Super Kingsට කඩුලු 7ක දැවැන්ත පරාජයක් උරුම කරමින් Gujarat Titans ප්රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තහවුරු කර ගනී.!
මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.
මේ අතර අද තරගාවලියේ 62වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Gujarat Titans අතර පැවති තරඟයෙන් කඩුලු 7ක ජයග්රහණයක් හිමිකර ගැනීමට Gujarat Titans කණ්ඩායම සමත් වුනා.
අද තරඟයේ කාසියේ වාසිය හිමිකරගත් Chennai Super Kings කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
එහි දී Chennai Super Kings වෙනුවෙන් තවමත් 19 හැවිරිදි වියේ පසුවන ශ්රී ලංකා යොවුන් ක්රීඩක මතිෂ පතිරණ IPL වරම් හිමිකර ගැනීමට සමත් වුණා.
තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 133ක් පමණයි.
Chennai Super Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Ruturaj Gaikwad ලකුණු 53ක් වාර්තා කිරීමට සමත් වුනා. Narayan Jagadeesan ලකුණු 39ක් රැස් කළ අතර Moeen Ali ලකුණු 21ක් රැස්කිරීමට සමත්වුණා.
පන්දු යැවීමේදී Mohammed Shami කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.
ඒ අනුව ලකුණු 134ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය Gujarat Titans කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර යාමට සමත් වුනා.
Gujarat Titans ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Wriddhiman Saha පන්දු 57ක් තුල ලකුණු 67ක් රැස් කල අතර Matthew Wade ලකුණු 20ක් රැස් කළා.
පන්දු යැවීමේදී Chennai Super Kings වෙනුවෙන් IPL වරම් හිමි කරගත් මතිෂ පතිරණ සුපිරි පන්දු යැවීමක නිරත වුයේ සිය පන්දුවාර 3.1 තුල Gujarat Titans ඉදිරිපෙළ කඩුලු 2ක් බිඳ හෙළමිනි.
තරඟාවලියේ නවතම ප්රසාද ලකුණු සටහන පහතින්