Cricket NewsEXCLUSIVEInternational

“මට කලින් ඔබ රිටයර් උනා කියලා විශ්වාස කරන්නත් බැ” – තම සඟයාගේ විශ්‍රාම යාම ගැන ක්‍රිස් ගේල් හඩ අවදි කරයි.

Do you know Gayle and Pollard want to play for India in the Champions Trophy?

දෙවරක් විස්සයි විස්ස ලෝක ශුරයන් බවට පත් වූ බටහිර ඉන්දීය කොදෙව් විස්සයි-20 ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කිරන් පොලාඩ් සියලුම ආකාරයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු ගැනීමට ඊයේ තීරණය කරා.

2007 වසරේ දී කොදෙව් දේශය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත් කිරන් පොලාඩ් 2012 වසරේ දී විස්සයි-20 ලෝක ශූරතාවය දිනූ කොදෙව් කණ්ඩායමේ ද සාමාජිකයෙකු වුණා. එමෙන්ම 2021 වසරේ දී ඔහු ජාත්‍යන්තර පිටියේ දී එක් පන්දුවාරයක් තුළ හයේ පහර 6ක් එල්ල කළ ලොව තෙවැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වුනා.

කිරන් පොලාඩ් එක්දින තරග 123කදී කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇති අතර, ඔහු ක්‍රීඩා කර ඇති විස්සයි-20 ජාත්‍යන්තර තරග ගණන 101ක් වනවා.

එක්දින පිටියේ දී ලකුණු 2,706 ක් රැස් කර ඇති කිරන් පොලාඩ් විස්සයි-20 ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 1,569 ක් ද රැස් කිරීමට සමත්ව සිටිනවා.

මේ අතර විස්සයි විස්ස පිටියේ රජු වන ක්‍රිස් ගේල් ඔහුගෙ සගයාගෙ විශ්‍රාම ගැනීම පිලිබදව ට්විටර් සටහනක් මගින් සුභ පැතුමක් එක් කර තිබුනා, ඔහු කියා සිටියේ..

” මට විශ්වාස කරන්නත් බැ ඔබ මට කලින් සමුගත්තා කියලා, කොහොම උනත් ඔයාගෙ ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමු ගැනීමට දිවියට සුභ පතනව, ඔබත් එක්ක ක්‍රීඩා කිරීම මා ලද භාග්‍යක්. සුභ විශ්‍රාම දිවියක්. ඉදිරි කටයුතු වලට මම සුභ පතනවා. ”

යනුවෙන් ක්‍රිස් ගේල් සුභ පතා තිබුනා.

May be a Twitter screenshot of 3 people and text that says "色 මට UDE BRAV Chris Gayle AITUDE @henrygayle Can't believe you retired before me @KieronPollard55 Anyway-Congratulations on your international career. ...it was great playing alongside you. Happy Retirement...Al the best in your next chapter @KieronPollard55 #Respect"

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7