Cricket NewsEXCLUSIVEIPLPremier League

ගුජරාට් පන්දු යවන්නෝ මුම්බායි පිල පරදවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහමදාබාද්හිදී ඊයේ (24 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් ණ්ඩායම සමත් විය

ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ 162 ක් පමණි. ස්පෙන්සර් ජොන්සන්, අස්මතුල්ලා ඔමර්සායි, උමේෂ් යාදව් සහ මෝහිත් ශර්මා කඩුලු 2 බැගින් බිඳහෙළමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ. ෙ

වේගවත් පිතිහරඹයක නිරත වූ ඩෙවෝල්ඩ් බ්‍රේවිස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 38 කින් ලකුණු 46 ක් රැස්කළද, මුම්බායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහුට නොහැකි විය. ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා පන්දු 29 කින් ලකුණු 43 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි.‍ෙ

පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබාගත් අතර ගුජරාට් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සායි සුධර්සන් පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 45 ක් රැස්කළේය

නායක ශුබ්මන් ගිල් පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක්ද, රාහුල් තේවතියා පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක්ද රැස්කරමින් ගුජරාට් කණ්ඩයමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රීට් බුම්රා සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර ගුජරාට් පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ජෙරඩ්ල් කොයෙට්සර් ලකුණු 27 කටු කඩුලු 2 ක් බිඳහෙළුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button