Cricket NewsDomestic CricketEXCLUSIVE

හර්ෂිතා පන්දු 133න් ලකුණු 130ක ප්‍රබල ප්‍රහාරයක් දියත් කරයි.

මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේදී දඹුල්ල කාන්තා පිලේ නායිකා හර්ෂිතා සමරවික්‍රම පන්දු 133කදී හයේ පහර 3ක් හා හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 130ක් ලබා තම පිල ජය මාවත කරා රැගෙන ගියේය.

පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 4ක් දැවී ලකුණු 280ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල ක්‍රීඩිකාවෝ ලකුණු 102කට දැවී ගිය හෙයින් දඹුල්ලට ලකුණු 178ක දැවැන්ත ජයක් හිමි විය.

කෝල්ට්ස් පිටියේ පැවැති කොළඹ – මහනුවර පළාත් අතර තරගයෙන් මහනුවර පිල එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළේය. මුලින් පන්දුවට පහරදුන් කොළඹ කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 179ක් ලැබූ අතර, මහනුවර ක්‍රීඩිකාවෝ කඩුලු 9කට ලකුණු 181ක් ලබා ගත්හ.

ගාල්ලට ජය

දඹුල්ල කාන්තා පිල කඩුලු 4ක් දැවී ලකුණු 280යි (ඕවර 50)

ඉමල්කා මෙන්ඩිස් 51, සඳලි වීරසිංහ 22, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 130, සත්‍යා සන්දීපනී 32, කෞෂනී නූත්‍යාංගනා නොදැවී 19, අතිරේක 21 (තාරුකා ෂෙහානී 47/2)

ගාල්ල කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 102යි (ඕවර 38)

ඔෂධි රණසිංහ 15, නිලක්ෂිණා සඳමිණි 27, අතිරේක 20 (සත්‍යා සංදීපනී 15/2, මල්ෂා ෂෙහානී 16/2, නිමේෂා මධුෂානී 24/2)

මහනුවර ජය ලබයි

කොළඹ කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 179යි (ඕවර 44.2)

හසිනි පෙරේරා 53, නවෝද්‍යා නෙත්මිණි 33, පියුමි වත්සලා 24, තාරිකා සෙව්වන්දි 16, අතිරේක 25 (අමා කාංචනා 27/2, කවීෂා දිල්හාරි 33/2, විහාරා සෙව්වන්දි 26/2)

මහනුවර කාන්තා පිල කඩුලු 9ක් දැවී ලකුණු 181යි (ඕවර 47.4)

කවීෂා දිල්හාරි 62, අමා කාංචනා 57, අතිරේක 21 (ඉනෝෂි ප්‍රනාන්දු 18/3, ජනදි අනලි 40/2, සචිනි නිසංසලා 28/2)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button